hit counter

2025 දෙසැම්‍බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්‍තැම්‍බර් 15, ප.ව. 1:02



ආසියානු කුසලානයේ ඉන්දියාව හා පාකිස්ථානය අතර තරගය ඉන්දියාව කඩුලු 7කින් ජය ගත්තේය.

ඩුබායිහිදී පැවැතුණු මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය කඩුලු 9කට ලකුණු 127ක් ලබා ගත්තේය.

පිළිතුරු ලෙස ඉන්දියාව පන්දුවාර 15.5කදී කඩුලු 3කට ලකුණු 131ක් ලබමින් තරගය ජයගත්තාය.

තරගය නිමාවීමෙන් පසු ඉන්දියා හා පාකිස්ථාන ක්‍රීඩකයින් අතට අතදීමෙන් වැළකී සිටියා.

ඉන්දීය ක්‍රීඩකයින් විසින් තමන්ට අතට අතදීම ප්‍රතික්ෂේප කළ බව පාකිස්ථානය චෝදනා එල්ල කරයි.