hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 17, ප.ව. 2:52



හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මෙම අවසන් ඉල්ලිම් ක්‍රියාත්මක කිරීම පිළිබද පවුලේ ඥාතීන් තවමත් එකගතාවයකට පැමිණ නැහැ.

මෑත කාලයේ ඔහු යළිත් ප්‍රසිද්ධ වූයේ මරණයට පෙරම තම සොහොන තමන් විසින්ම නිර්මාණය කර ගැනීම හේතුවෙන්.

මිට අමතරව ඔහුගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය ඔහු විසින්ම දැනුම් දී තිබුණා.

ඒ අනුව, තමන් විසින්ම සැකසු සොහොනේ පැය 24 තුළ අවසන් කටයුතු සිදු කරන ලෙසත් ඒ සඳහා ලෑලිවලින් සකස් කළ සරල මිනි පෙට්ටියක් භාවිත කරන ලෙසත් ඉල්ලා තිබුණා.

මිනි පෙට්ටිය කර තබා ගෙන යාම සඳහා පුද්ගලයින් 04 දෙනෙකු වෙන්කර තිබු අතර, එම අවස්ථාවේ භාවිත කළ යුතු ගීතයක් ද ඔහු විසින්ම නිර්මාණය කර තැබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් පාලිත තෙවරප්පෙරුම මිහිදන් කෙරෙන්නේ, ජීවතුන් අතර සිටියදී ඔහු විසින්ම සකසා ගත් සොහොන මතයි.

මෙරට ජන සමාජය තුළ මෙන්ම දේශපාලන ලෝකයේ පුවත් මැවූ චරිතයක් වූ අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන සිකුරාදා මතුගම යටදොල වත්ත ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: