hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 04, පෙ.ව. 12:05



සචින් ලියනගේ කියන්නෙ නැගී එන රංගන ශිල්පීන් අතර බොහෝ දෙනාගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු කඩවසම් රංගන ශිල්පියෙක්.ඔහු බොහෝ දෙනෙක් දන්න කියන කලාකරුවෙක් බවට පත්වුණේ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණය නිර්වාණ කියන චරිතය හරහායි.

මේ වන විට නම් ටෙලි නිර්මාණයන් රැසක සචින්ව අපිට දැක බලාගන්න අවස්ථාව උදා වෙනවා.හැබැයි මුලින් ඔහු රංගන ශිල්පියෙක් විදිහට නෙවෙයි මේ ක්ෂේත්‍රයට එන්නේ. මුලින්ම නිරූපණ ශිල්පියෙක් විදිහට ඇවිල්ලා පසුකාලීනව ඔහුගේ කඩවසම් පෙනුම නිසා බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගත්තු කලාකරුවෙක් බවට පත්වෙන්න අවස්ථාව උදාවුනා.

කිහිප වතාවක්ම ජනප්‍රිය රංගන ශිල්පියා කියන කැටගරිය යටතේ බොහෝ දෙනෙක්ගෙන් නිර්දේශයට පාත්‍ර වුණු සචින් අද වන විට මේ ලබාගත්තු සාර්ථකත්වය ලබා ගැනීමට බොහෝ සෙහින් ඇප කැප වෙලා වැඩ කටයුතු කරපු කෙනෙක්.ඉතින් ඒ දුක්කම් කටලු මැද්දෙන් ගෙවුණු අතීතය පිළිබඳව සචින් මතකය ආවර්ජනය කර තිබුණේ මේ විදිහටයි.

“මට අවුරුදු 14 දී මගේ තාත්තා නැති වෙනවා.ඉතින් තාත්තාගේ අඩුව පුරවන්න මට ඒ කාලෙම ජොබ් එකක් කරන්න වුණා.මම ෂෙඩ් වල වැඩ කරා. පාරේ කොමඩු විකුණුවා.කුලී වැඩ කරා.දවසක් මං බස් එකේ යද්දි ගෑණු ළමයෙක් මං දිහා බලනවා.ටිකක් වෙලා යද්දි මට තේරුණා මෙයා බලන්නේ මගේ සපත්තු දෙක දිහා කියලා.මගේ සපත්තු දෙක ගොඩක් කැඩිලා නිසා මම ඒක රබර් පටි දාලා හදාගෙන තිබ්බේ.එයා ඒක දිහා තමා බලාගෙන හිටියේ.එදා තමා මම හිතුවේ මම තව තරුණ පොඩි කොල්ලෙක් ඇයි මට තාමත් ලස්සනට ඉන්න බැරි කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: