hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 17, පෙ.ව. 10:49



ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ ඇත්තටම දරුවන්ගේ විභාගයක්ද කියන සැකය මතු වෙනවා.

මොකද දරුවන්ට වඩා ඒ වෙනුවෙන් වෙහෙසෙන්නේ මව්වරු.

අපි එහෙම කියන්න හේතු ගොඩක් තියෙනවා.

මොකද මේ පොඩි දරුවන්ට ඒ විභාග ගැන අවබෝධයක් නැහැ.

සමහර දෙමව්පියන් ශිෂ්‍යත්ව විභාගය නිසා දරුවන් වෙහෙසට පත් කරන අවස්ථාවන්ද නැතුවාම නෙවෙයි.

ඒ නිසාම තමයි මේකට අම්මලාගේ විභාගය කියලා කියන්නේ.

ඊයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආවා කියන කාරණය ඔබට අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ.

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල පැමිණීමත් සමග මුහුණුපොතේ හරි අපූරු සටහනක් හුවමාරු වෙමින් පවතිනවා.

ඒ සම්පූර්ණ සටහන පහතින්,

අපේ චුටියා මාමිගෙ පණ ශිශ්‍යත්වෙ ෆේල් ….

මගේ ලොකු අක්කගෙ චූටි පුතා…

ජීවිතේ,

දිනුම කියන්නෙ මේ දරුවගෙ ලකුණු නෙවෙයි,

ලකුනු 120 උනත්,

නිකන්ම නිකන් 20 ක් උනත්,

මගේ පුතා ගොඩක් පැති වලින් දිනුම්…

හැදියාව අතින් අංග සම්පූර්ණ නම්,

කුස්සියට ගිහින් තනියම,

බතක් මාලුවක් උනත්, හදා ගන්න පුලුවන් නම්,

වට පිටාවෙ ඉන්න හැමෝටම, ආදරණීයම චරිතයක් නම්….

ශිශ්‍යත්වෙ fail උනාම මොකද?

ප්ලීස්…

වැදල ඉල්ලන්නම්,

ලකුණු අඩු උනා කියල, හෙට උදේ පොඩි උන්ව මරන් කන්න එපා ️

මේ ලකුණින් ජිවිතේ මනින්න බෑ…

මේකෙන්ම පුරුදු කරන්න,

දිනුම වගේම,

පැරදුමත් සතුටින් භාර ගන්න…

පරදින්න හේතුව හොයන්න පුරුදු කරන්න,

ඊලග අභියෝගයට මේ පැරදුම

පාඩමක් කරවන්න….

සමත් දරුවන්ට පාර්ටි දාන්න…

තෑගි දෙන්න…

ඒ වගේම,

අසමත් මේ කිරි සප්පයන්ටත් පොඩි දෙයක් හරි ගෙනැල්ල දෙන්න

දෙමව්පියන්ගේ ආදරේ…

දිනුමකදි විතරක් නෙවෙයි,

පැරදුමකදිත් අඩු නැ කියල ඔප්පු කරන්න.

මගේ පුතා වෙනුවෙන් මේක ලිව්වෙ…

ඔයා ජීවිතේ දිනනව චූටි…

මාමිට විශ්වාසයි…

මොකද ශිශ්‍යත්වෙ ඔයාටත් වඩා ලකුණු අඩු (88) මාමිත් අද වෛද්‍යවරයෙක්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: