hit counter

2025 ජනවාරි මස 20 වන සඳුදා

2024 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:08



ඔවුන් තමගේ දරුවා මේ ලෝකයට එන්නත් කලින්ම ලෝකය ගැන සිතූ මව්පිය යුවලක්.

ඇත්තටම මේ කියන්න යන්නේ තවත් එක් ආදර්ශමත් කතාවක්.

මේ කතාව ඇසෙන්නේ ඉන්දියාව පැත්තෙන්.

ඒ කතාවට මුලපුරන පුංචි මැණික තවමත් වයස අවුරුදු 2යි.

වයස අවුරුදු දෙකක් වන Aadavi, තම ජීවිත කාලය පුරාවටම වායු ගෝලයට කාබන් මුදා නොහරින දරුවා ලෙස පත්වුණේ ඇගේ ආදරණීය දෙමව්පියන් වන Dinesh SP සහ Jagana Nandhiniගේ සහයෙන්.

ඉන්දියාවේ සෑම පුද්ගලයකුම වාර්ෂිකව වායු ගෝලයට කාබන් ටොන් 2 ක් මුදාහරින අතර, Aadavi මෙලොවට එන්න කලින්ම ඇගේ දෙමව්පියන් මේ සඳහා විසඳුමක් සෙවූ මොවුන් විසින් තමිල්නාඩුවේ එක්තරා ප්‍රදේශයක පළතුරු ගස් 6000 ක් සිටුවා ඇති අතර, මේ තුළින් Aadavi තම ජීවිතය කාලය තුළ මුදා කන කාබන් ප්‍රමාණය අවශෝෂණය කරගැනීමේ හැකියාව පවතිනවා.

මේ හේතුවෙන් “ලොවට කාබන් මුදා නොහරින පළමු දරුවා” ලෙස Aadavi ඉතිහාස පොත්වලට එකතු වී තිබුණා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: