hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 දෙසැම්‍බර් 16, ප.ව. 3:31



කලාවට ඕපපාතිකයෙක් නොවන අභිෂේකා විමලවීරගේ ලයාන්විත කටහඩට බොහෝ දෙනෙක් ප්‍රිය කරනු ලබනවා.

ඇය නිර්මාණය කරනු ලැබු බොහෝමයක් ගීත ද ජනතාවගේ ආදරයෙන් වැළදගනු ලැබු අතර පුංචි කාලයේ ඉදලම කලා හැකියාවෙන් පරිපුර්ණ ඇය ගීත රැසක්ම ගායනා කර තිබෙනවා.

එපමණක් නොව ඇය සමාජ මාධ්‍ය තුල නිතරම ක්‍රියාශීලි කලාකාරිනියක් ලෙස ද හදුන්වා දිය හැකි.

අභිෂේකා විමලවීර කියන්නෙ වත්මන් පරපුරේ ඉතාමත් ජනප්‍රිය ගායිකාවක්.

ඇයගේ ගීතවලට ආදරේ කරන පිරිස ඉතාමත් වැඩියි.

අභී කියන්නෙ ගායනයට විතරක් දක්ෂ කෙනෙක් නෙවෙයි.

ඇයට හරිම අපූරුවට වචන ගැළපීමේ හැකියාව තියෙනවා.

ඒ කියන්නෙ අභී ඉතාමත් දක්ෂ කවිකාරියක්.

පසුගිය දවසක පැවැත්වුණූ එක්තරා සම්මාන උළෙලක දී ජනප්‍රිය ගායිකා අභිෂේකාගේ භූමියට තවම පණ තියෙනවා කියන ගීතය සම්මානනීය ගීතයක් බවට පත් වෙනවා.

එම සම්මාන උළෙලේදී අභිෂේකා විමලවීරගේ හැසිරීම විවේචනය කරමින් කසුන් මහේන්ද්‍ර ලියමනක් සිය මුහුණුපොතට එකතු කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ පැවැත්වූ TV දෙරණ Music Video Awards සම්මාන උළෙලේ දී ‘භූමියට තවම පණ තියෙනවා’ ගීතයේ නිර්මාණ කණ්ඩායමට ‘ජූරියේ විශේෂ සම්මානයක්’ හිමිවුණා. බොහොම ස්තූතියි TV Derana

නමුත් එහි රචිකාවිය ; ගායිකාව හැසිරුණේ සහ ඈ වරදවා වටහාගෙන ඇත්තේ එම විශේෂ ජූරි සම්මානය ‘ගායනය සඳහා ඇයට පමණක්’ ලැබුණු එකක් හැටියටයි. මේක ලැබුණෙ ‘මියුසික් වීඩියෝවට’. භූමියට තවම පණ තියෙනවා මියුසික් වීඩියෝවේ සංකල්පය, තිර රචනය, අධ්‍යක්ෂණය, රංග වින්‍යාසය , පසුතල සැකසුම් අදහස , භූමි හරේන්ද්‍රන් හැර Ash Dias ඇතුළු අනෙකුත් සියලු නළු නිළි වරණය විතරක් නෙමෙයි සම නිෂ්පාදනයත් මගේ !

Nipuni Amarasinghe ස්තූතියි මචෝ මා එක්ක මේ ඉස්තරම් වැඩේ නිෂ්පාදනය කරන්න හයියක් දුන්නට. Srinika Liyanage අපේ ඩීඕපී මහත්තයා ස්තූතියි මචෝ මේ නිර්මාණය බිහි කරන්න ආත්මය දුන්නට. HaSitha JayaSanka ස්තූතියි මචං දවස් ගාණක් එක දිගට කට්ට කාගෙන නිදි මරාගෙන කපමින් කොටමින් මේ ලස්සන වැඩේට පට්ට නිමාවක් දුන්නට. Tharindu D. Pathirathna ස්තූතියි මචං මට ඕනි ඕනි විදිහට අභින ඉස්මතු වෙන්න තිතට වේෂ නිරූපණය සිද්ධ කළාට. Sadun MadurapperumaMahesh Kumar ස්තූතියි මල්ලිලා ආර්ට් ඩිරෙක්ෂන් ලස්සනට පිළිවෙළට වෙලාවට කළාට. අපේ නිර්මාණයේ කැමරා යුනිට් එකේ සිට තේ හදපු මහත්මයා දක්වාම බොහොම ස්තූතියි !

උඹලා අපේ ‘සාමූහික මහන්සිය ආත්මීය ශ්‍රමය ගැන’ ස්ටේජ් එක උඩදි මේ සිංදුවෙ ආටිස්ට් වචනයක් කිව්වෙ නෑ. ඒක එයාගෙ අභිමානවත් සදාචාරය. නැවත වාරයක් කියන්නම්. සම්මානය හම්බුණේ මං ඔය උඩ නම් කියපු හැමෝගෙම මහන්සියට ! තනි පුද්ගල නාමයකට නෙමෙයි !

පහතින් අමුණන සාක්ෂි වීඩියෝව චුට්ටක් බලන්න.

ආත්මාර්ථය හරි කැතයි. මේ ලෝකෙ ලස්සන කළේ සාමූහික අරගල විතරමයි !

කසුන් මහේන්ද්‍ර හීනටිගල

2023.12.15

කොහොම වුණත්, අභිෂේකා විමලවීර සිය අතපසුවීම ගැන සඳහන් කරමින් සමාව අයැදීමක් සිදුකර තිබුණා.

ඒ සඳහා මාධවී ද සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: