hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 11, පෙ.ව. 1:16



මනම්පිටියේ බස් රථ අනතුර ගැන ඊයේ රෑ ඉඳලාම ගොඩක් දෙනෙක් කතා කලා.

මේ සිද්ධිය නිසා මිය ගිය අය අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනා පිළිබඳව අද වෙනකොට ලොකු කතාවක් ඇහෙනවා.

ඇත්තටම පෙර සසරේ ඉදලා මේ දෙන්නාගේ මොකක්ම හරි බැඳීමක් තියෙන්නට ඇති.

එකට සරසවි යන්න වරම් ලබාගෙන ජීවිතයේ කඩයිම් ඉලක්ක ජයගෙන සාර්ථකත්වයට ළඟා වෙන්න හදන මේ ජීවිත දෙක අකාලයේ මේ වගේ සමුගනීවි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති.

මනම්පිටියේ බස් රථ අනතුරින් දිවියට සමුදුන් මේ මිතුරන් දෙදෙනා අතරට අධ්‍යාපන ජීවිතයේ අවසන් මංකඩට පැමිණ සිටි 23 හැවිරිදි සමිත දිසානායක වගේම දමිත් සාගරත් මේ හමුවන්නේ අවසන් වතවටයි කියලා ඔවුන්ගේ නිවැසියන් හිත මිතුරන් කිසි කෙනෙක් වත් හිතන්නට නැතුව ඇති.

මොවුන් දෙදෙනාම නිවාඩුවට ගෙදර ඇවිත් නැවත්ත සරසවිය බලා යන්නට නැගි මේ බස් රථය ඔවුන්ට මරු කැඳෙව්වා.

ආයේත් උපදින භවයක මේ දෙන්නාට මෙවන් අකල් මරණයකට ගොඳුරු නොවී සංසාරගත සොයුරන් වන්නටම ලැබේවා…!





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: