hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 28, පෙ.ව. 12:04



අමායා අධිකාරි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු දක්ෂ තරුවක්.

ඇය නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා තමන්ගෙම කියලා ගමනක් ආපු නිසා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අමායා කියන චරිතයට ආදරෙයි.

ටික කාලයක් යද්දි අමායා තීරණය කරනවා විවාහ වෙන්න ඒ වෙද්දි සමිතාගෙන් වෙන් වෙලා හිටපු අතුල අධිකාරිත් එක්ක.

එය විවාහයෙන් දියණියක් ඉපදෙනවා.

හැබැයි ඔවුන් දෙදෙනවත් ඒ තරම් කාලයක් එකට ඉන්නෙ නෑ මේ දෙන්නත් වෙන් වෙන්න තීරණය කරනවා.

අමායා කියන විදිහට නම් අමාය අතුලගෙන් නීතියෙන් වෙන්වෙලා නෑ.

අතුල ඉන්නෙ අමායගේ ගෙදර හැබැයි ඒ දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් නැහැ.

ඒ වගේම තමයි අමායා ඊට පස්සේ ජීවිතයට තෝරගන්නවා තවත් සංගීත ක්ෂේත්‍රයේම චරිතයක් වෙච්චි හර්ෂ දනෝෂව.

හර්ෂගේ විවාහයෙන් ඇයට ඉන්නවා තවත් පුතාලා දෙන්නෙක්.

හර්ෂ ඉන්නේ අමායගේ ගෙදර හැබැයි මේ දෙන්නා දැන්නං එකට නෑ කියල තමයි ආරංචියි.

එයාව දකින කාටවත් නම් එහෙම නොපෙනෙන්න තරම්ම අමායාගේ එයාගේ ඇගේ හැඩය පවත්වාගෙන යනවා.

ඒ නිසාම වෙන්නත් ඇති මේ වගේ photoshootවලට එයාට තවමත් ආරාධනා ලැබෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: