hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 03, ප.ව. 5:22



කාලයක් අපේ රටේ පුවත් මවපු නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි කෙනෙක් තමයි අමායා අධිකාරි කියන්නේ. 

අමායා මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපිකාවක් විදියට කියලා බොහෝ දෙනෙක් නොදන්නවා ඇති.

පසුව ඇය ගීත සඳහා රූප රචනයෙන් දායක වූ අතර පසු කාලෙක රංගන ශිල්පිනියක් විදියට ක්‍ෂේත්‍රයේ නමක් දිනාගන්න සමත්වෙනවා.

ඒ වගේම අමායා කියන්නේ ගොඩක්ම දක්ෂ නර්තන ශිල්පිනියක් කිව්වොත් හරි.

ඇයගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ සිදුවීම් නිසා බොහෝ දෙනා අතර ඇය ප්‍රසිද්ධ වුණා.

ඒ අතර ප්‍රමුඛම කාරණය වෙන්නේ ඇය මෙරට ප්‍රකට සංගීත ශිල්පියෙකු වන අතුල අධිකාරී සමඟ විවාහ වීමයි.

අතුල අධිකාරි කලින් විවාහ වෙලා හිටියේ ඔහුගේම ක්‍ෂේත්‍රයේ ප්‍රකට ගායිකාවක වන සමිතා මුදුන්කොටුව සමගයි.

ඒ වගේම අතුලට සහ සමිතට දරුවන් දෙදෙනෙකු සිටිනවා.

ඉතින් අතුල අධිකාරි අමායා සමග විවාහ වීමත් සමග සමිතා දරුවන් දෙදෙනා සමග තනි වෙනවා.

නමුත් පසුකාලීනව ඇය ද චිරන්ත ගුණවර්ධන නම් ටික්ටොක්හි ප්‍රකට තරුවක් සමඟ එක්ව දිවිගෙවන බව ඔවුන්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිනවා.

කොහොම වුනත් අමායා සහ අතුලගේ විවාහයත් සාර්ථක වෙන්නේ නෑ.

ඔවුන් පුද්ගලික හේතුන් කිහිපයක් නිසා වෙන්ව ජීවත් වෙන්න තීරණය කරනවා.

විවාහයෙන් වෙන් වූ අමායා රියලිටි තරුවක් වූ ජනප්‍රිය ගායක හර්ෂ දනොෂ් සමඟින් පෙම් සබඳතාවයක් ඇති කරගන්නා විත්තිය නොරහසක්. 

අතුල හා දික්කසාද වීමෙන් අනතුරුව ඈ විවාහ වෙන්නෙ හර්ෂ එක්ක.

ඒ වගේම ඈ හා සමිතාගේ පවුලේ අය අතරත් කිසිදු විරසකයක් නොමැති බැව් ඔවුන්ගේ මුහුණු පොත්වල පළකිරීම්වලින් තහවුරු වුණා.

අමායා මේ දවස්වල සෝෂල් මිඩියා වල හරිම ප්‍රසිද්ධයි.

ඇයව රූපවාහිනි නාලිකා කිහිපයකින්ම ඉන්ටව් සඳහා කැඳවලා තිබ්බා.

ඇය ගැන කියමින් මුහුණු පොතේ සටහනක් හුවමාරු වෙමින් පවතිනවා.

මේ වගේ පිස්සු හෝන්තු ගෑණුන්ගෙ මේවගේ වැඩසටහන් හරි ප්‍රසිද්ධයි ඒවා වල මෙයාලා කියවන පිස්සු විකාර අහගෙන ඒවා කොපි කරලා ඔයාලගෙ ආදරණීය පවුල් ජීවිත නැති නාස්ති කරගන්න නම් එපා. ඕනම මනුස්සයෙක්ට මේ ලෝකෙ වැඩියෙන්ම වටින්නෙ තමන්ගෙ අම්මා තාත්තා සහෝදරයෝ දරු පවුල් අපි ඔක්කොම ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව එකිනෙකා වෙනුවෙන් මැරෙනතුරා කැප කිරීම් කල යුතුයි.මෙයා කියන විදිහට තාත්තලා කීපදෙනෙක්ගෙන් දරුවො කීපදෙනෙක් හදලා පරණ මහත්තයව යට තට්ටුවෙ ඉන්ඳගෙන අළුත් මහත්තයව උඩ තට්ටුවෙ ඉන්ඳගෙන පාටිවලට තවත් මහත්තයෙක් ක්ලබ් එකේදි වෙනත් මහත්තයෙක් එක්ක පිස්සු කෙලින අවලම් ජීවිත ඔයාලනම් ගත කරන්න එපා.’

‘අමායලගේ ජීවිත වලට ඇඟිලි ගහන්න අපිට අයිතියක් නෑ ඒකට අපි ගෞරව කරනවා ඒවගේම අමායා අධිකාරිලට අයිතියක් නෑ මේ වගේ අවලම් වැඩ සමාජගත කරලා මේ රටේ සමාජයට අවලම් වනචාරී රැලි හදන්න .අමායලා ඕන මඟුලක් ඔයාලගේ පෞද්ගලික ජීවිතේ ඇතුලේ තියාගන්න ඔයාලට වෙච්ච නැස්පැත්ති වීරකම් ලෙස රටේ ඉන්න මිනිස්සුන්ට දෙන්න එපා .මේ රටේ ඉන්න ආදරණීය පවුල් ජීවිත ගත කරන මිනිස්සුන්ට කියන්න තියෙන්නෙ කුපාඩිකම් වනචරකම් වලට වඩා ආදරය අවංකකම පිරිලා ඉතිරිලා යන ගෞරවනීය පවුල් ජීවිතයක වටිනාකම් තේරුම් අරන් ජීවත්වෙන්න.අමායලා වගේ පිස්සු හෝන්තුවන්ගෙ කතාවලට නම් අහුවෙන්න එපා .’ 

මේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමායා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මෙසේ සටහනක් එකතු කර තිබුණා.

‘මේ පෝස්ට් එක හදපු කෙනාටත් මේකට මට බැනලා කමෙන්ට් කරපු හැමෝටමත් මේ පේජ් එක, සෝශල් මීඩියා හැම එකකම මේ වගේ පෝස්ට් හදපු පේජ් සියලුම දෙනාට ගෙදරටම සිතාසීයක් එවන බැවින්, නඩුව විභාග කරන දිනයේ දී වන්දියක්ද ගෙවීමට සිදුවේ. ලෑස්ති වෙලා ඉන්න ළමයි. මේ පාර අතඅරින්නේ නෑ පුතේ…’ 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: