hit counter

2024 අප්‍රේල් මස 17 වන බදාදා

2023 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:06



කාලයක් අපේ රටේ පුවත් මවපු නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි කෙනෙක් තමයි අමායා අධිකාරි කියන්නේ. 

අමායා මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපිකාවක් විදියට කියලා බොහෝ දෙනෙක් නොදන්නවා ඇති.

පසුව ඇය ගීත සඳහා රූප රචනයෙන් දායක වූ අතර පසු කාලෙක රංගන ශිල්පිනියක් විදියට ක්‍ෂේත්‍රයේ නමක් දිනාගන්න සමත්වෙනවා.

ඒ වගේම අමායා කියන්නේ ගොඩක්ම දක්ෂ නර්තන ශිල්පිනියක් කිව්වොත් හරි.

ඇයගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ සිදුවීම් නිසා බොහෝ දෙනා අතර ඇය ප්‍රසිද්ධ වුණා.

ඒ අතර ප්‍රමුඛම කාරණය වෙන්නේ ඇය මෙරට ප්‍රකට සංගීත ශිල්පියෙකු වන අතුල අධිකාරී සමඟ විවාහ වීමයි.

අතුල අධිකාරි කලින් විවාහ වෙලා හිටියේ ඔහුගේම ක්‍ෂේත්‍රයේ ප්‍රකට ගායිකාවක වන සමිතා මුදුන්කොටුව සමගයි.

ඒ වගේම අතුලට සහ සමිතට දරුවන් දෙදෙනෙකු සිටිනවා.

ඉතින් අතුල අධිකාරි අමායා සමග විවාහ වීමත් සමග සමිතා දරුවන් දෙදෙනා සමග තනි වෙනවා.

නමුත් පසුකාලීනව ඇය ද චිරන්ත ගුණවර්ධන නම් ටික්ටොක්හි ප්‍රකට තරුවක් සමඟ එක්ව දිවිගෙවන බව ඔවුන්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිනවා.

කොහොම වුනත් අමායා සහ අතුලගේ විවාහයත් සාර්ථක වෙන්නේ නෑ.

ඔවුන් පුද්ගලික හේතුන් කිහිපයක් නිසා වෙන්ව ජීවත් වෙන්න තීරණය කරනවා.

විවාහයෙන් වෙන් වූ අමායා රියලිටි තරුවක් වූ ජනප්‍රිය ගායක හර්ෂ දනොෂ් සමඟින් පෙම් සබඳතාවයක් ඇති කරගන්නා විත්තිය නොරහසක්. 

අතුල හා දික්කසාද වීමෙන් අනතුරුව ඈ විවාහ වෙන්නෙ හර්ෂ එක්ක.

ඒ වගේම ඈ හා සමිතාගේ පවුලේ අය අතරත් කිසිදු විරසකයක් නොමැති බැව් ඔවුන්ගේ මුහුණු පොත්වල පළකිරීම්වලින් තහවුරු වුණා.

පසුගිය දවසක ලංකාදීප සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමායා මේ වගේ කතාවක් කියලා තිබුණා.

‘රන්ජන් අයියට තාම බැරිව ගියානේ ඔච්චර නළු නිළියෝ තියාගෙන මාත් එක්ක මොනා හරි කරගන්න. රන්ජන් අයියට මම මේ ප්‍රසිද්ධියේ කියන්නෙ. මට කිසි ප්‍රශ්නයක් නෑ. එයා ෆේල්නේ. වැඩක් නෑනේ. එයා ඒ කෝල් එක ගන්නෙ ජානකී එක්ක. මම එයාව ඇත්තටම දැකලාවත් නෑ. ඒ වුණාට අපි ඉතින් ජොලියේ ඉන්නවා. මිනිස්සු තමයි පද හද හද ඇවිදින්නෙ. ඒකෙන් ඒ මනුස්සයට හානියක් වුණාද නෑනෙ. අපිට හානියක් වුණාද නෑනේ….. මූණට බනින්නෙත් නෑනේ කවුරුත්…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: