hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 මාර්තු 07, පෙ.ව. 12:02



මේ ඉන්නේ ලෝකේ ලොකුම සල්ලිකාරෙයෙකුගේ පුතා. 

හැබයි ඒ මනුස්සයගේ පෙනුමට කින්ඩියට හිනාවෙලා පෝස්ට් දාන්නේ කන්නවත් නැති බංකොලොත් රටක හෑලිකාරයෝ.

අනාන්ත් අම්බානි කියන්නේ ලෙඩ රෝග නිසා මෙහෙම මහත් වෙච්ච කෙනෙක්. විශේෂයෙන් Steroids භාවිතය නිසා..!!!

මම මේ කොල්ලගේ දැකපු වටිනම දේ තමයි සත්තු ගැන තියන කරුණාව.

මේ කොල්ල කරන “Vantara” කියන සත්ව අභයභූමියේ රෝහලක් වගේම දැනට හිංසාවට පීඩාවට ලක්වුණු අලි 230ට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒකට එයා වෙනම පශුවෛද්‍යවරු, සේවකයෝ පත් කරලා තියනව.

ඒ වගේම අලින්ට ඔක්සිජන් දෙන්න වෙනම කාමරයක්, උණු වතුරෙන් සම්බාහනය වෙන jacuzzi එකක් අලි වෙනුවෙන්ම හදලා තියනවා.

ඊටත් වටිනම දේ එයා මේ සත්තුන්ට දෙන්නේ මිනිස්සුන්ටත් කන්න පුළුවන් තරම් පිරිසිදු ආහාර.

‘ලඩ්ඩු’ මේ අතරින් විශේෂයි.

විවිධ රස සම්ප්‍රදායික ලඩ්ඩු වර්ග කීපයක් මේ මුලුතැන්ගෙයි හැදෙනව.

ඒ වගේම හිමාලයේ වගාකරන කාබනික පොහොරින් සරු ඇපල් තමයි මේ සත්තුන්ට මේ අනාන්ත් කන්න දෙන්නේ.

ඒ වගේම ඔහු කියන විදියට සමහර සත්තු ඔහු ළඟට එද්දී ඇවිදින්නවත් බෑ..!

දැනට ඔහු සත්තු 2000ට වඩා පිහිට වෙලා තියනවා.

ඒ වගේම ඔහු කියනවා “දෙවියන් දැන් දකින්න නෑ. හැබයි මම හැම සතෙකුගෙන්ම දෙවියන් දකිනවා” කියලා.

මම හිතන්නේ මේ ලස්සන කෙල්ලට ලැබුණු හොදම කොල්ලා අනාන්ත්.

සතෙකුට ආදරේ කරන මනුෂ්‍යා පරිසරයටත් අනෙත් මිනිස්සුන්ටත් ආදරය කරනවා.

අනාන්ත්ගේ මේ හොඳ දේවල් ලෝකෙ හොඳ විදියට ගත්තොත් සත්තු වෙනුවෙන් මිනිස්සුන්ට මීට වඩා හැඟීමක් ඇතිවෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: