hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 මාර්තු 06, ප.ව. 12:06



ආසියාවේ ධනවත්ම පුද්ගලයා, රිලයන්ස් සමූහයේ අධිපති වන මුකේශ් අම්බානිගේ බාල පුත්‍රයාගේ පූර්ව විවාහ මංගල උත්සවය කියන්නේ මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාවක්.

මාර්තු පළවෙනි දා ඉදන් දින 3ක් පුරාවට ඉන්දියාවේ ජාම්නගර්වල පැවැත්වුණු මේ උත්සවයට ලොව පුරා සිටින ධන කුවේරයන්, රාජ්‍ය නායකයින්, ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම හොලිවුඩ් සහ බොලිවුඩ් තරු රැසක් සහභාගිව ඇති බවයි වාර්තා වෙන්නේ.

මුකේශ් අම්බානිගේ බාල පුත්‍රයා වෙන්නේ අනන්ථ් අම්බානි.

ඔහු‍ රිලයන්ස් බලශක්ති ව්‍යාපාරවලට සම්බන්ධව කටයුතු කරන රිලයන්ස් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අයෙක්.

අනන්ථ්ගෙ පෙම්වතිය, රාධිකා මර්චන්ට් කියන්නේ එන්කෝර් හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, විරේන් මර්චන්ට්ගේ දියණියයි.

අනන්ථ් රාධිකා කියන්නේ වසර 7ක් පමණ දිගු කාලයක් පුරාවට පෙම්වතුන්ව සිටි යුවලක්.

මුකේෂ් අම්බානිගේ දෑස් කඳුළින් තෙත් කළ ඒ සංවේදී කතාව ඔබ සමහර විට දකින්නත් ඇති.

පළමු දිනයේම ඒ හැඟීම්බර පිළිගැනීමේ කතාවේ වස්තු බීජය වෙලා තිබුණේ තමන්ගේ ළමා කාලයේ සෞඛ්‍ය අරගලය.

ඒ අරගලය ජය ගන්න දෙමාපියන් දැක්වූ සහයෝගය අගය කරමිනුයි අනන්ට් විසින් එහි පැමිණි සියල්ලන්ම සංවේදී කරලා තිබුණේ.

“මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම රෝස මල් යහනාවක් නොවීය.මම කුඩා කල සිටම සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණ දුන්නා.නමුත් මගේ පියා සහ මව කිසි විටෙකත් මට ඒවා දුකක් හැටියට දැනෙන්න ඉඩක් දුන්නෙ නෑ.ඔවුන් හැම වෙලාවකම මම වෙනුවෙන් පෙනී සිටියා.අම්මා, ඔබ කළ සියල්ලට ස්තූතියි.මේ සියල්ල නිර්මාණය කළේ මගේ අම්මා මිස වෙන කවුරුත් නෙවෙයි.පසුගිය මාස හතර තුළ ඇය දිනකට පැය 18-19 අතර කාලයක් වැඩ කළාය. මම අම්මට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ තාත්තයි අම්මයි හැමදාම මගේ පැත්තේ ඉඳලා මට හිතුණොත් මම ඒක කරනවා කියලා. ඒකයි මගේ තාත්තයි අම්මයි මට සලකන්නේ, මම සදාකාලිකවම කෘතඥ වෙනවා.‘ මම සියයට සියයක්ම වාසනාවන්තයි; ඒ ගැන කිසිම සැකයක් නැහැ. රාධිකා මට ලැබුනේ කොහොමද කියලා මමත් දන්නේ නැති නිසා මම අනිවාර්යයෙන්ම මෙතන වාසනාවන්තයි. මම ඇයව අවුරුදු හතක් තිස්සේ හඳුනනවා, නමුත් අපි ඊයේ පමණක් හමු වූවාක් මෙන් දැනේ. දවසින් දවස මම තව තවත් ආදරයෙන් බැඳෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: