hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 04, පෙ.ව. 12:06



ආසියාවේ ධනවත්ම පුද්ගලයා, රිලයන්ස් සමූහයේ අධිපති වන මුකේශ් අම්බානිගේ බාල පුත්‍රයාගේ පූර්ව විවාහ මංගල උත්සවය කියන්නේ මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාවක්.

මාර්තු පළවෙනි දා ඉදන් දින 3ක් පුරාවට ඉන්දියාවේ ජාම්නගර්වල පැවැත්වුණු මේ උත්සවයට ලොව පුරා සිටින ධන කුවේරයන්, රාජ්‍ය නායකයින්, ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම හොලිවුඩ් සහ බොලිවුඩ් තරු රැසක් සහභාගිව ඇති බවයි වාර්තාවෙන්නේ.

මුකේශ් අම්බානිගේ බාල පුත්‍රයා වෙන්නේ අනන්ථ් අම්බානි.

ඔහු‍ රිලයන්ස් බලශක්ති ව්‍යාපාරවලට සම්බන්ධව කටයුතු කරන රිලයන්ස් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අයෙක්.

අනන්ථ්ගෙ පෙම්වතිය, රාධිකා මර්චන්ට් කියන්නේ එන්කෝර් හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, විරේන් මර්චන්ට්ගේ දියණියයි.

අනන්ථ් රාධිකා කියන්නේ වසර 7ක් පමණ දිගු කාලයක් පුරාවට පෙම්වතුන්ව සිටි යුවලක්.

ඔවුන් මේ වසරේ ජූලි මාසයේ විවාහ වීමට නියමිත අතර මාර්තු පළවෙනිදා සිට පැවැත්වූණේ ඔවුන්ගේ විවාහයට පෙර පවත්වනු ලබන උත්සවයයි.

අම්බානි පවුල යනු තම සුඛෝපභෝගී ජීවන රටාව ප්‍රදර්ශනය කිරීමට වගේම ජීවිතයේ සුවිශේෂී වූ අවස්ථා උත්සවශ්‍රීයෙන් සැමරීමට බෝහෝ ප්‍රිය කරන පිරිසක්.

මෙම උත්සවයේ, 1200 කට ආසන්න අමුත්තන්ගේ ලැයිස්තුවට සුපිරි පොප් තාරකාවක් වන රිහානා, බිල් ගේට්ස්, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්, සුන්දර් පිචායි, ඉවන්කා ට්‍රම්ප් සහ බොලිවුඩයේ ජනප්‍රිය නළු ශාරුක් ඛාන් වැනි ලොව ප්‍රකට පුද්ගලයන් රැසකගේ නම් ඇතුළත්ව තිබුණා.

ආසියාවේ විවිධ ආහාර වර්ග 2,500ක් පමණ මෙම දින තුන තුල දී අමුත්තන් සඳහා පිළිගන්වන ලබන අතර මේවා නිර්මාංශ ආහාරයන්ගෙන් ද සමන්විත වෙනවා.

එපමණක් නොව ජාම්නගර්වල ඉන්න ප්‍රදේශවාසීන් 51000 ආසන්න සංඛ්‍යාවකට ආහාර ලබාදීමේ අංගයක් ද මෙම තෙදින තුළ ක්‍රියාත්මක කළ තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: