hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 නොවැම්‍බර් 21, පෙ.ව. 12:04



සිංහල ප්‍රේක්ෂකාගාරය උමතුවටත්, ඉමහත් පුදුමයටත් පත් කළ රංගනය ඉදිරිපත් කළේ අනෝමා ජනාදරී විසිනුයි.

සිංහල සිනමාවේ ප්‍රථම වරට පූර්ණ නිරුවත ප්‍රේක්ෂකාගාරයට පෙන්වූ නිළිය ලෙසයි අනෝමා ජනාදරී ඉතිහාසයට එක්වන්නෙ.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ඇගේ සැමියා වූ අශෝක හඳගම විසිනුයි. (පසුකාලීනව හඳගම, තමන්ට නියමිත පරිදි ගෙවීම් හෝ සිදු නොකළ බවටයි ජනාදරී චෝදනා එල්ල කරමින් සඳහන් කළේ.)

ජනාදරී මෙහි නිරූපණය කළේ සමාජයෙන් වහංව ජිවත් වන කාන්තාවකගේ චරිතයක්.

ඇය ඇතුළතින් කාන්තාවක් වුවත්, පිටතින් ඇය පුරුෂයෙක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටියා.

ජනාදරී මෙහි අතිශය සුන්දර හෝ ලස්සන කාන්තාවකගේ චරිතයක් සිදු නොකළ අතර, ඇය කතාවේ එන ලෙස අවලස්සන ගැහැනියක් වුණා.

විශේෂයෙන්ම ඇය මේ වන විටත් සෙක්ස් එඩියුකේෂන් නමින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන අතරතුර ලිංගිකත්වය ගැන විවෘතව කතාබස් කරනවා.

විටින් විට මුහුණු පොත තුළ අඩනිරුවත් ඡායාරූප පවා පළ කරන ඇය තමන් වෙතට ලැබෙන කෙටි පණිවුඩ පවා ප්‍රසිද්ධියේ පළ කරනවා.

ඇය මානසික අවුල් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී ඉන්න බවත් කියා තිබුණේ, තමන්ගේ දුරකතන අංකයද අවසානයට සටහන් කරමිනු යි.

‘මගේ උත්සාහය සියලු ක්‍ෂේත්‍ර වල පිරිමි පරාණ ලිංගික කුතුහලය හා බිය මෙන්ම ලිංගික උන්මාදයෙන් තොර මානව විද්‍යාත්මක සත්ත්වයින් හැටියට වර්ධනය කිරීමට.හේතුව පුද්ගල සංවර්ධනය ඇති නොවෙන්නේ ඉහතින් මම කියපු අසුභවාදී මානසිකත්වයන් නිසා.’

‘මම ඒ වෙනුවෙන් පෙනී හිටිනවා.ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් පොත් පත් ලියනවා,කථා කරනවා,පිනතුරු ඵල කරනවා,වැඩ සටහන් කරනවා.නිර්භයව මම එහෙම දේවල් කරත්දී ලිංගිකත්වයට බය මිනිස්සු/ගැහැණු මට බනිනවා,ගණිකාව කියනවා,පහත කොට සලකනවා.’

‘කමක් නැහැ මේ ලෝකේ ඉන්න අසංවරම ,නොහොබිනා ගෑණි මම වෙච්චාවේ. ඒත් ඔබ ලිංගිකත්වය ඉගෙනගන්න.ඒ ගැන අනියත බිය නැති කර ගන්න…ඕනෑම වෙලාවක මා එක්ක ඒ ගැන කථා කරන්න,ඔබට තියෙන මානසික අවුල් මට කියන්න .මට හැකි පමණින් උදව් කරන්නම්,උපදෙස් දෙන්නම්.’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: