hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:06



සිංහල ප්‍රේක්ෂකාගාරය උමතුවටත්, ඉමහත් පුදුමයටත් පත් කළ රංගනය ඉදිරිපත් කළේ අනෝමා ජනාදරී විසිනුයි.

සිංහල සිනමාවේ ප්‍රථම වරට පූර්ණ නිරුවත ප්‍රේක්ෂකාගාරයට පෙන්වූ නිළිය ලෙසයි අනෝමා ජනාදරී ඉතිහාසයට එක්වන්නෙ.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ඇගේ සැමියා වූ අශෝක හඳගම විසිනුයි. (පසුකාලීනව හඳගම, තමන්ට නියමිත පරිදි ගෙවීම් හෝ සිදු නොකළ බවටයි ජනාදරී චෝදනා එල්ල කරමින් සඳහන් කළේ.)

ජනාදරී මෙහි නිරූපණය කළේ සමාජයෙන් වහංව ජිවත් වන කාන්තාවකගේ චරිතයක්. ඇ

ය ඇතුළතින් කාන්තාවක් වුවත්, පිටතින් ඇය පුරුෂයෙක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටියා.

ජනාදරී මෙහි අතිශය සුන්දර හෝ ලස්සන කාන්තාවකගේ චරිතයක් සිදු නොකළ අතර, ඇය කතාවේ එන ලෙස අවලස්සන ගැහැනියක් වුණා.

විශේෂයෙන්ම ඇය මේ වන විටත් සෙක්ස් එඩියුකේෂන් නමින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන අතරතුර ලිංගිකත්වය ගැන විවෘතව කතාබස් කරනවා.

විටින් විට මුහුණු පොත තුළ අඩනිරුවත් ඡායාරූප පවා පළ කරන ඇය තමන් වෙතට ලැබෙන කෙටි පණිවුඩ පවා ප්‍රසිද්ධියේ පළ කරනවා.

‘මේකට මැදිහත් වුණා ඩොක්ට කාලෝ ෆොන්සේකා… කොල්වින් පෙරේරා. ඒ අය මට කිවුවා, අපිව ගල් ගහලා මැරුවේ නැති එක විතරයි, උඹට අපි ගරු කරනවා, කාන්තාවක් විදිහට මේ වෙනුවෙන් හඬ නැඟුවට කියලා… කොන්ද කඩන්න බහුතරයක් දෙනා උත්සාහ කළා. නමුත් මම තාම කෙළින්….’

සිනමාව ඇතුළත ලිංගිකත්වය සූරා කෑම ගැනත් ජනාදරී හඬ නැඟුවේ වරක් දෙවරක් නොවේ.

‘නිළියක් හැටියට ලිංගිකව සූරා කෑම සිදුවනවා. නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂවරයා ඇතුළු සියලු ම දෙනා… තමන් කැමති නිළියව ගන්නෙ… මම රඟපෑවේ වල් චරිත කියනවා. නෑ… ඒ ලිංගික සූරාකෑමට ලක්වුණු කාන්තාවෝ. නමුත් මගේ වැටුප ලැබුණේ නෑනේ. ඒ ගැන කවුරුත් කතා කරන්නෙ නෑනේ…’

‘මම කියන්නෙ ගණිකා වෘත්තීය නීතිගත කළ යුතුයි. ඒක සෞඛ්‍ය සම්පන්න කාරණාවක්. සමාජගත රෝග සම්බන්ධයෙන් ඇය ගාව වාර්තාවක් තියෙන්න ඔිනි…’

අදටත් අනෝමාගේ ප්‍රධානතම චෝදනාව සුනිල් ටී. ප්‍රනාන්දු වෙතට එල්ල වන අතර, ඔහු විසින් නිපදවන්නට යෙදුණු වැඩිහිටි චිත්‍රපට සහ ඒ හරහා නිළියන් අඩනිරුවත් කිරීම ජනාදරී විවේචනයට ලක් කළා.

‘මේක ලිංගික කාන්තාරයක්. ලාංකීය සිනමා ප්‍රේක්ෂකයා ගැන කිවුවොත්, ඒ.ජේ ගුණවර්ධන මේ ගැන ලියලා තියනවා. ඒ කාලේ මේකට බලපෑවා සුනිල් ටීගේ චිත්‍රපට… ඇගේ වෛරය ඇතුළු සුමනා ගෝමස් වැනි නිළියන් යෙදාගෙන කරපු චිත්‍රපට. ඒ.ජේ. ශාලාවෙන් ශාලාවට ගියා මේ ගැන හොයන්න. අන්තිමේ දී එයා කියපු දේ තමයි…. 10.30 පෙන්නුවට පස්සෙ වතුර දාලා ෆිල්ම් හෝල් හෝදනවා. හේතුව……… ෆිල්ම් එක බලපු පිරිමි ස්වංවින්දනයේ යෙදෙනවා. සුනිල් ටී. මහ කැත විදිහට නින්දිත විදිහට ගැහැනු අඟපසඟ පෙන්නුවා.’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: