hit counter

2026 ජූලි මස 11 වන සෙනසුරාදා

2026 ජූලි 12, පෙ.ව. 12:21



සිංහල ප්‍රේක්ෂකාගාරය උමතුවටත්, ඉමහත් පුදුමයටත් පත් කළ රංගනය ඉදිරිපත් කළේ අනෝමා ජනාදරී විසිනුයි.

සිංහල සිනමාවේ ප්‍රථම වරට පූර්ණ නිරුවත ප්‍රේක්ෂකාගාරයට පෙන්වූ නිළිය ලෙසයි අනෝමා ජනාදරී ඉතිහාසයට එක්වන්නෙ.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ඇගේ සැමියා වූ අශෝක හඳගම විසිනුයි. (පසුකාලීනව හඳගම, තමන්ට නියමිත පරිදි ගෙවීම් හෝ සිදු නොකළ බවටයි ජනාදරී චෝදනා එල්ල කරමින් සඳහන් කළේ.)

ජනාදරී මෙහි නිරූපණය කළේ සමාජයෙන් වහංව ජිවත් වන කාන්තාවකගේ චරිතයක්. ඇ

ය ඇතුළතින් කාන්තාවක් වුවත්, පිටතින් ඇය පුරුෂයෙක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටියා.

ජනාදරී මෙහි අතිශය සුන්දර හෝ ලස්සන කාන්තාවකගේ චරිතයක් සිදු නොකළ අතර, ඇය කතාවේ එන ලෙස අවලස්සන ගැහැනියක් වුණා.

විශේෂයෙන්ම ඇය මේ වන විටත් සෙක්ස් එඩියුකේෂන් නමින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන අතරතුර ලිංගිකත්වය ගැන විවෘතව කතාබස් කරනවා.

විටින් විට මුහුණු පොත තුළ අඩනිරුවත් ඡායාරූප පවා පළ කරන ඇය තමන් වෙතට ලැබෙන කෙටි පණිවුඩ පවා ප්‍රසිද්ධියේ පළ කරනවා.

අනෝමා ජනාදරී ‘මතක පද’ සමඟ සාකච්ඡාවකදී මෙසේ අදහස් දක්වා තිබෙනවා.

”ඊයේ පෙරේදා ලොකු ආන්දෝලනයක් ගියා, චන්දිමාල්ගේ අවුරුදු උත්සවයක් ගැන.

සංස්කෘතිය විනාශ කරනවාලූ, චන්දිමාල් මෙහෙමලූ, දැන් ඒකට කතා කරපු අපේ නිළිය,

හේමරතන අතින් දරුවෙක්ට වෙච්ච දේ ගැන එක දශමයක් කටින් කෙළ බිංදුවක් හෙලුවාද දිල්හානි ?

ඇයි එහෙම කරන්නෙ ? එතකොට සංස්කෘතිය විනාස කළේ චන්දිමාල්ද? හේමරතනද ?

ඇයි මෙහෙම බොරු කරන්නෙ…?”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: