hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 12, පෙ.ව. 12:06



සිංහල ප්‍රේක්ෂකාගාරය උමතුවටත්, ඉමහත් පුදුමයටත් පත් කළ රංගනය ඉදිරිපත් කළේ අනෝමා ජනාදරී විසිනුයි.

සිංහල සිනමාවේ ප්‍රථම වරට පූර්ණ නිරුවත ප්‍රේක්ෂකාගාරයට පෙන්වූ නිළිය ලෙසයි අනෝමා ජනාදරී ඉතිහාසයට එක්වන්නෙ.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ඇගේ සැමියා වූ අශෝක හඳගම විසිනුයි. (පසුකාලීනව හඳගම, තමන්ට නියමිත පරිදි ගෙවීම් හෝ සිදු නොකළ බවටයි ජනාදරී චෝදනා එල්ල කරමින් සඳහන් කළේ.)

ජනාදරී මෙහි නිරූපණය කළේ සමාජයෙන් වහංව ජිවත් වන කාන්තාවකගේ චරිතයක්.

ඇය ඇතුළතින් කාන්තාවක් වුවත්, පිටතින් ඇය පුරුෂයෙක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටියා.

ජනාදරී මෙහි අතිශය සුන්දර හෝ ලස්සන කාන්තාවකගේ චරිතයක් සිදු නොකළ අතර, ඇය කතාවේ එන ලෙස අවලස්සන ගැහැනියක් වුණා.

විශේෂයෙන්ම ඇය මේ වන විටත් සෙක්ස් එඩියුකේෂන් නමින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන අතරතුර ලිංගිකත්වය ගැන විවෘතව කතාබස් කරනවා.

විටින් විට මුහුණු පොත තුළ අඩනිරුවත් ඡායාරූප පවා පළ කරන ඇය තමන් වෙතට ලැබෙන කෙටි පණිවුඩ පවා ප්‍රසිද්ධියේ පළ කරනවා.

පසුගිය දිනෙක කන්දක් සේමා නැරඹූ ඈ චිත්‍රපටය ගැන දීර්ඝ සටහනක් ඇගේ සමාජ මාධ්‍යය‌ට එක්කර තිබුණා.

‘සිනමා විචාරය : කන්දක් සේමා

දැන් සිනමාවේ කෙරෙන නිර්මාණ ගැන මගෙන් හොඳක් අහගන්න බැරි බව හැමෝම දන්නා කාරණයක්.ඒ නිසාම මට නොයෙක් කථා කියනවා.ඒත් ඉතිං හොඳ නැත්නම් හොඳයි කියලා පස්ස කහන විචාර ලියන්නත් බැහැනේ.

ඒත් ‘කන්දක් සේමා’ බලපුවහම මට මුළින්ම ඒ සිනමාවේ ආඛ්‍යානය-epic narrative එක ගැන දැනුණේ පැහැදීමක්.ජාත්‍යන්තර ගතියක්.

සුමිත්‍රාගේ කථාව ඇතුළේම තියෙනවනේ ඒ ගතිකය…ඇය ලේඛනයේ දී හරිම කපටියි පාඨකයා දැලේ දා ගන්න.

සිනමාවේ දී අපිව පිනවන්නේ දර්ශනීය රූප. නූපා පළමු වතාවට පුපුරා ගිය අවස්ථාවේ ඇය හිම මිදුණු එළියට පැනලා අයිස් ගුළි කරලා ගේ ඇතුළේ ඉන්න සැමියාට ගහන දර්ශනය හරිම රූපකාත්මකයි…මට මගේ අධ්‍යාත්මය පිළිබිඹු වෙලා ගුගුළන්ට පටන් ගත්තා ඒ වෙලාවේ දී නම්.

නූපා තේරුම් ගන්නවා මට ප්‍රේමය නම් හිමේම මිදෙන ප්‍රාර්ථනාවක් පමණක් බව.ඒ නිසාම අරගල කරලා දරුවෙකු දිනා ගන්නවා. ඇය එක් මොහොතක දී සැමියාගේ සිරුර මතට නැගලා දරුවෙකු පිලිබඳ ඇගේ අව්‍යාජ උවමනාව කෙළින්ම සැමියාට කියනවා.මගේ ඇඟ හිරි වැටිලා ගියා.

අශෝක මුල්ම කාලේ කරපු ‘සඳ දඩයම’ චිත්‍රපටයෙන් මාව අයින් කරලා කෞශල්‍යාව තෝරා ගත්ත වෙලාවේ මට ඒක දරා ගන්න කොච්චර අමාරු වුණා ද කියනවා නම් මම ඒ බව කෙළින්ම අහන්න තීරණය කළා.

මම : ඇයි හඳයා මාව ඒ චරිතයට නොගන්නේ…මොකක් ද මගේ නුසුදුසු කම…?

හඳයා : ……………………………………………………(පිළිතුර නිශ්ශබ්දතාව)

මම : (ආපහු) ඇයි හඳයා මාව ඒ චරිතයට නොගන්නේ…මොකක් ද මගේ නුසුදුසු කම…?

හඳයා : (අහක බලාගෙන) ඒ චරිතය පත්තිනි චරිතය පදනම් කරගෙනයි ලියලා තියෙන්නේ…ඒකට ඔයා ගැළපෙන්නේ නැහැ…

මම : ……………………………………………….!

හඳයා : …………………………………………..පත්තිනි පති වෘත්තය ආරක්‍ෂා කළ කෙනෙක්…

මම : ……………………………………………….! ( ස්ත්‍රීවාදී සිනමාකරුවාගේ විදිහ මම කළින් ලියලා තියෙන නිසා මෙතැන මම ඒ දෙබිඩි ආකල්පය ගැන කියන්න යන්නේ නැහැ)

හරි, ඔයා කැමැති නිළියක් ඒ චරිතයට ගන්න…හැබැයි මට එහෙනම් දරුවෙක් ඕන…(නූපාගේ ස්වරයෙන්මයි)

හඳයා : (බලා උන්නේ නූපාගේ සැමියා ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන බලා උන්නු විදිහෙන්මයි…කොහොම හරි ෆිල්ම් එක පටන් ගන්නකොට මම තුන් මස් ගැබිනියක්.’සඳ දඩයම’චිත්‍රපටයට ගත්තෙත් ජපන් කැමරා ශිල්පියෙක්.හඳයාගේ කර්ම ඵලය උඩ මේ චිත්‍රපටය දැන් තියෙන්නේ සුනිල් ජයන්ත නවරත්නගේ ඇඳ යට)

‘කන්දක් සේමා අවසානය ගැන ලියන්නම ඕන…නැත්නම් ඒක ලොකු අඩුවක්…නූපා ලාංකික පෙම්වතාගෙන් ප්‍රාර්ථනා කළේ අපේ පොළොවේ සාම්ප්‍රදායික අව්‍යාජ ප්‍රේමය කියලයි මම හිතන්නේ.ඒත් ඔහුත් කළේ රැවටීමක්.ඒ බව නූපා දැන් ගන්නකොට ඇයත් ගැබිණියක්.

ඇය දිවි නසා ගන්න යන මොහොත මම නරඹනකොට මගේ ජීවිතේ අවලෝකනය වුණා ආයිත් වතාවක් මට.

පත්තිනි අම්මාගේ පති වෘතය ගැන පාරම් බාපු හඳයා තමුන්ගේ නිෂ්පාදන කළමනාකාරිය එක්ක අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන යනකොට මම තීරණය කළා එක් දවසක අපේ හෝකන්දර ගෙදර වහළේ උඩට නැගලා පැනලා මැරෙන්න.මම කාටවත් නොකියා ඒ සිය දිවි නසා ගැන්ම සැළසුම් කළා…ඒත් අවසානයේ නූපා දිවි නසා ගත්තා…මම මගේ ප්‍රේමය සොයා ගත්තා !

ඉතිං ඔන්න ඔහොමයි නූපයි මගෙයි සසාදෘශ්‍යයන් මේ සිනමාව ඇතුළේ මම දැක්කේ.

විශේෂයෙන් මේ චිත්‍රපටයේ ආශු මාරසිංහ,සමන්මලී පත්මකුමාර,සුරේෂ් මාලියද්ද,නිරෝෂා පෙරේරා,TAO Nashimotho සඳහන් කරන්නම ඕන.

-අනෝමා ජනාදරී’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: