hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:06



ඊශ්‍රායලයේදී අතුරුදන් වූ බවට පැවසෙන ශ්‍රී ලාංකික කාන්තාව ජීවිතක්ෂයට පත් ව ඇති බව එරට පොලිසිය තහවුරු කර තිබෙනවා.

එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ බව තහවුරු කර තිබෙනවා.

ඇය හමාස් සටන්කරුවන් විසින් ඝාතනය කර ඇති බවට හෙළි වී ඇති බවයි ඊශ්‍රායල පොලිසිය සඳහන් කර ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ අනුලා ජයතිලක නමැති කාන්තාවක්.

ඊශ්‍රායලයේදී මිය ගිය අනුලා රත්නායක මහත්මි‍ය සම්බන්ධව එරට ශ්‍රී ලංකාව සඳහා වූ නිර්වේතනික කොන්සල් Anat Bernstein-Reich මහත්මිය සටහනක් තබා තිබුනා.

එහි සිංහල ප‍රිවර්තනය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තබා තිබුනේ මෙසේයි.

මියගිය අනුලා රත්නායකගේ අවමගුල් කටයුතු පිළිබඳව උතුරු ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකාව සඳහා වූ නිර්වේතනික කොන්සල් Anat Bernstein-Reich මහත්මිය හෙබ්රෙව් භාෂාවෙන් තැබූ සටහනේ සංශිප්ත සිංහල පරිවර්තනය.

“නිරායුධ පුද්ගලයන් වෙත රාක්ෂයන් විසින් එල්ලකරන ලද අමානුෂික ප්‍රහාරයෙන් අසරණ වූ ලොව පුරා රටවලින් ඊශ්‍රායලයට පැමිණ ජිවත් වූ පිරිස අතර ශ්‍රී ලංකාවේ පවුල් කීපයක සාමාජිකයන් ද සිටිති.

ගාසා තීරය ආසන්නයේ සාත්තු සේවයේ යෙදී සිටිය දී දිවි අහිමි වූ අනුලා රත්නායක තම සේවය කළ පවුලේ බලාගත් වැඩිහිටියන්ට දැක්වූ දැක්වූ කරුණාව හා ආදරය නිශ එම පවුල්වල සාමාජිකයන් තවමත් පසුවන්නේ හැඬු කඳුලිනි.

ප්‍රහාරය එල්ල කල පිරිස බොහෝ දෙනෙකු නිරායුධ ජනතාවට වෙඩි තබා ඝාතනය කළහ. තවත් සමහර දරුවන් හා වැඩිහිටියන් පවා ප්‍රාණ ඇපයට ගෙනගොස් ඇත.

කිබුට් බාරියේදී ඝාතනය වූ අනුලා රත්නායක ද අද අපෙන් සමුගත්තේ එලෙසිනි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලංකික ප්‍රජාවේ සගයන්, විදේශ අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ විදේශ රැකියා අධ්‍යක්ෂවරයා, වසර ගණනාවක් තිස්සේ අනුලා රැකබලා ගත් පවුල්, කිබුට්ස් බැරී සාමාජිකයින් සහ ආගමික නිකායන් නියෝජනය කරන පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් අනුලාගේ පවුලේ අයට . සජීවීව දර්ශනය කරන ලදී.

අනුලා පුදුම කාන්තාවක් වූවාය.

ඇය රැකබලා ගත් පවුල් සඳහා ගෘහණියක්ව කටයුතු කළාය.

අමානුෂික ප්‍රහාරය එල්ල කළ සෙනසුරාදා දින ඇය තමා රැකබලා ගත් කාන්තාව වූ එටි මොරාඩෝ ආරක්ෂිතව ඇදක් යට තබා සිදුවන්නේ කුමක් දැයි බැලීමට ඉදිරියට යනවිට .

රාක්ෂයෝ කාමරයට ඇතුළු වී අනුලාට වෙඩි තැබූහ.

එතන පටන් දින තුනක් ඇඳ පිටුපසට වැටී සිටි ඇය රැක බලාගත් කාන්තාව දින කිහිපයක් පසුව හමුදාව මුදාගන්න තෙක් ආරක්ෂා විය. අනුලා විසින් තමන් රැක බලාගත් කාන්තාව ආරක්ෂා කොට තම ජීවිතය පූජා කලේ එලෙසිනි

Eti (රැක බලාගත් වැඩිහිටි කාන්තාව) පවසන්නේ තමා අන්ධ බවත් අනුලා ඇගේ ඇස් බවත්ය.

ඇය ශ්‍රී ලාංකීය කෑම වර්ග හඳුන්වා දුන් ආකාරය පවුලේ අය සහ කිබුට්ස් සාමාජිකයන් සිනහමුසු මුහුණින් පැවසුවාය.

කිබුට්ස් හි මිතුරන් බොහෝ දෙනෙක් උත්සවයට පැමිණ සිටීම දැකීම කෙතරම් අපූරු යන්න ඔවුන් කළ කථාවන්ගෙන් පැහැදිලිවිය. ඇයට අවසන් ගෞරව දැක්වීමට එම ප්‍රදේශයේ බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායලයේ තානාපති ලෙස කටයුතු කළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති ඩැනී කාර්මන් සහ මර්ඩෝ පවුලේ සාමාජිකයන් වන ගෝරල් සහ ගිල්බෝවා සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින් ඇයගේ අවමගුල් උත්සවයට සහභාගී වුහ.

ශ්‍රී ලංකාවේ සහ ඊශ්‍රායලයේ ධජ වලින් ආවරණය වූ අනුලාගේ දේශය ශ්‍රී ලංකාවට ගෙනයාමට නියමිතය. . ඔබට නිවන් සුව ලැබේවා. ඊශ්‍රායල් රාජ්‍යය වසර ගණනාවක් කැප වූ සත්කාර සඳහා ඔබට ස්තූතියි. ශ්‍රී ලංකාවේ පවුලේ අයට අපගේ ශෝකය මෙසේ පල කරමු.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: