hit counter

2026 අගෝස්‍තු මස 10 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 30, පෙ.ව. 11:43



ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය ඊයේ (29) පෙරවරුවේ කැලණිය, දළුගම පිහිටි ඇයගේ නිවස වෙත රැගෙන ආවා.

ඊශ්‍රායල – ගාසා දේශසීමාව ආසන්නයේ පිහිටි ගම්මනයකදී 49 හැවිරිදි අනුලා රත්නායක මහත්මිය හමාස් ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වුණා.

‍ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අනුලා රත්නායක මහත්මියගේ දේහය ඊශ්‍රායලයේ සිට මෙරටට රැගෙන ආවේ පෙරේදා (28) දිනයේදීය.

දේහය මීගමුව මහ රෝහලට රැගෙන ගොස් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අද උදෑසන 9.45 ට පමණ ඇය පදිංචිව සිටි කැලණිය, දළුගම, ලුම්බිණි මාවතේ පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබුවා.

අද(30) දහවල් 2.00 දක්වා දේහය මෙම නිවසේ තැන්පත් කර තැබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරු 4.00ට වේවැල්දූව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: