hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 19, ප.ව. 3:05



ඊශ්‍රායලයේදී අතුරුදන් වූ බවට පැවසෙන ශ්‍රී ලාංකික කාන්තාව ජීවිතක්ෂයට පත් ව ඇති බව එරට පොලිසිය තහවුරු කර තිබෙනවා.

එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ බව තහවුරු කර තිබෙනවා.

ඇය හමාස් සටන්කරුවන් විසින් ඝාතනය කර ඇති බවට හෙළි වී ඇති බවයි ඊශ්‍රායල පොලිසිය සඳහන් කර ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ අනුලා ජයතිලක නමැති කාන්තාවක්.

ඇයගේ දේහය දින දෙකක් තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලැබීමට නියමිත බවටත් තොරතුරු වාර්තා වනවා.

අනුලා මිය ගිය බවට තහවුරු වීමට පෙර ඇගේ දියණිය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වෙත පණිවුඩයක් යොමු කොට තිබුණා.

එහි ඇති සංවේදී කරණු උපුටා දක්වමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය ෆේස්බුක් ගිණුමට එක් කොට තිබු සටහනයි මේ.

ඇස්වලින් උණු කඳුලු පනින හමස් ප්‍රහාරය නිසා අප අතරින් අතරින් වෙන් වූ අනුලා රත්නායක ජයතිලක මහත්මියගේ දියණිය විසින් මා වෙත එවන ලද හද කකියන සටහන.

A heart-wrenching note sent to me by the daughter of Mrs. Anula Ratnayake Jayathilaka, who was separated from us due to the Hamas attack with hot tears in her eyes.

“සර්, මං අනුලා ගේ දුව. මේ වීඩියෝ එක මන් සර්ට එව්වේ අම්මගෙ මූන තවත් මේකෙ පැහැදිලිව තියෙන නිසා.මගෙ හිත කියන්නෙම අම්මා ඉන්නව කියල. අම්ම ගොඩක් පින් කරපු කෙනෙක්. අම්මට ඔහොම මරනයක් උරුමයි කියල මන් හිතන්නෙ නෑ සර්.අම්ම රට යද්දි මට අවුරුදු 16යි සර්. මගෙ ජීවිතේ අවුරුදු 10කටම මන් අම්ම එක්ක ලගින් හිටියෙ දවස් 90යි.

අම්ම එක්ක කතා නොකර මෙච්චර දවස් මන් ඉදලම නෑ. අම්ම ඕක වෙන්න කලින් දවසෙ රෑ මට කිව්ව ” සුදු අම්මා ඔයාට ඕනම දේකට මන් ඉන්නව කියල..” ඒත් අම්ම ගිය ආත්මෙ කරපු දේයක් ඔහොම ගෙවනව වෙන්නත් පුලුවන්. මේ ලෝකෙ කිසිම ලමෙක් මන් මේ විදින වේදනාව විදින්න හොද නෑ.. අම්මට තිබ්බ ලොකු ආසාවක් ලස්සනට මගෙ වෙඩින් එක ගන්න.

එයා ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්න කෙනෙක්. ඒත් සර්, සර් මේ වෙලාවේ කියන ඕනම දේකට මන් මූන දෙන්න ලෑස්ති . කලින් ආත්මෙක කරපු දේවල් අපි පවුලක් විදිහට මේ ගෙවන්නෙ.හැබැයි අම්මා ආවොත් මන් අම්මව මන් ලගින්ම තියා ගන්නව. එයා මගෙ මුලු ලෝකෙම. මන් exam එකක් උනත් පාස් වෙන්නෙ අම්ම වෙනුවෙන් සර්. මොකද මන් පාඩම් කරන්න පොඩ්ඩක් වත් කැමති කෙනෙක් නෙවේ සර්. අම්ම වෙනුවෙන් ඒ ඔක්කොම කලේ.

අම්මව පැහැර ගෙන ගිහින් ඉදල හම්බුනොත් අම්මට කියන්න සර් මන් අම්ම එනකන් බලන් හිටිය කියල.. එදාට අම්මට මට කතා කරන්න කෝල් එකක් අරන් දෙන්න සර්. අම්ම නැති වෙලානම් ඒකත් මට කියන්න සර්.. අම්මව එවන්න මෙහෙට.. අම්මගෙ අවසන් කටයුතු කරන්න ඕනෙ හොදට. අම්මගෙ මිනී පෙට්ටියට මට කරගහන්න ඕනෙ .ඒ තරම් දේවල් එයා මන් වෙනුවෙන් කලා

සර්.. සර් ට ගොඩක් පින්..මේ වෙලාවෙ සර් ගොඩක් මහන්සි වෙනව අපි වෙනුවෙන්..🙏🏻

Sir, I am Anula’s daughter. I sent this video to you sir because the mother’s face is clearly visible in it. My heart says that the mother is there. Mother is a very blessed person. I don’t think that mother deserves such a death, sir.

I was 16 years old when my mother went to Israel sir. During the last 10 years I had the chance to spend only 90 days with my mother .

I haven’t been without talking to my mother for so many days. Mom told me the day and night before that happened, “Sudu Amma , I’m available for anything.” But mom might be paying for something she did in her departed soul. No child in this world is good enough to suffer the pain I am going through.. My mother had a great desire to have my wedding beautifully.

He is very hopeful. But sir, I am ready to face anything that is said at this time. We as a family will pay for what a previous soul did. But if mom comes, I will keep mom close to me. He is my whole world. Even if I pass an exam, I will pass it for my mother, sir. Because I am not a person who likes to study at all, sir. He did all that for his mother.

If you found my mother and tell her, sir, that I was waiting for her. If mother is gone, tell me that too, sir.. Send mother here.. Mother’s last rites should be done well. I want to touch my mother’s coffin. She did so many things for me

Sir.. Thank you very much sir.. This time sir is working hard for us..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: