hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 31, ප.ව. 2:12



ජාතික ජන බලවේග රජයක් යටතේ ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳන ආකාරය පිළිබඳව එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැහැදිලි කරයි.

මේ දිනවල ඇමරිකානු සංචාරයක නිරත වන ඒ මහතා ලොස් ඇන්ජලීස්හි පැවති ජන රැළියේ දී උදාහරණ සහිතව එය පැහැදිලි කළා.

ඔහු උදාහරණයකට ගත්තේ මිනිරන් වලින් ග‍්‍රැපයිට් සෑදිය හැකි බවත් එය වෙළඳ පොලේ ඉතා ඉහල වටිනාකමක් අලෙවි වන බවත්ය.

මිනිරන් ටොන් එකක් ඩොලර් දෙදහසක් වෙද්දී ග‍්‍රැපයිට් (graphite) කිලෝවක් ඩොලර් පන්දහසක මිලට අලෙවි වන බවත් ඔහු සඳහන් කළා.

ඒ අනුව මෙරටට මිනිරන්වලින් ග‍්‍රැපයිට් නිෂ්පාදනය කළ හැකි ආයෝජකයන් මෙරටට කැඳවා එම කාර්යය මෙරට සිදුකල හැකි බවද හෙතෙම පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් අනුර දිසානායක මහතාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාලාවල ප‍්‍රති අදහස් දක්වමින් ඇතැමුන් පවසන්නේ සිංහල භාෂාවෙන් මිනිරන් යනු ඉංග්‍රීසියෙන් ග‍්‍රැපයිට් බවයි.

සිංහලෙන් මිනිරන් ටොන් එකක් ඩොලර් දෙදහසක් වෙද්දී ඉංග්‍රීසියෙන් ග‍්‍රැපයිට් කිලෝවක් ඩොලර් 5000ක් විය නොහැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

ගූගර් පරිවර්තකය අනුවද මිනිරන් වල ඉංග්‍රීසි පරිවර්ථනය ග‍්‍රැපයිට් ලෙස පෙන්වා දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: