hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 21, පෙ.ව. 12:04



සිනමා නිළියක් එවගේම ටෙලි නාට්‍ය නිළියක් ඒකත් අමතරව නර්තන රියලිටි තරුවක් විදිහට කලාවේ විවිධ අංශ ඔස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පත්වූ ආදරණීය කලාකාරිනියක් තමයි අනූෂා දමයන්ති කියන්නේ.පසුගිය දවසක ඇය පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කලේ ඇය විවාහ ජීවිතයට පා තැබීමත් සමඟයි.

ඇය විවාහ වුනේ අමිල නමැති අවුරුදු 14ක කාලයක් තිස්සේ ඇය ආදරය කරපු ආදරණීය පෙම්වතා සමඟයි.ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඔහුගේ පෙම්වතාව දැනගෙන හිටියේ නැහැ. මොකද ඔහු කවදාවත් අනූෂා එක්ක මාධ්‍යයට ආපු නැති නිසා.

හැබැයි ඇයගේ ජීවිතේට හොඳටම ගැලපෙනම කෙනා අද වෙද්දි හම්බවෙලා ඉන්නවා. සැහැල්ලුවෙන් පහසුවෙන් ඔහුත් එක්ක ජීවත් වන අනූෂා ඒ ගත කරන ජීවිතය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඇත්තටම ආදරය කරන කොට අපි දෙන්නා ටිකක් දුරින්නේ හිටියේ. දැන් ඉතිං ළඟින් එක ගෙදරක ජීවත් වෙනවා. මේ 27 වැනිදාට බැඳලා අවුරුද්දයි. මම හිතන්නේ ජීවිතයේ සුන්දරම කාලය තමයි මේ ගෙවෙන්නේ. අපි තනියෙන් හිටපු කාලය අවසන් කරලා කසාද බැඳලා පළමු සංවත්සරය තමයි මේ සමරන්නේ. හරිම සුන්දරයි.එයා දන්නවා මම ඒ දේවල් හරි කැපවීමෙන් සහ උනන්දුවෙන් කරනවා කියලා. ඒ වෙලාවට එයා මට කිසි කරදරයක් කරන්නේ නැහැ. මගේ පහසුව කොහොමද? ඒ විදිහට එයා මගේ ජීවිතයත් එක්ක හැඩගැහිලා ඉන්නවා මම ඇත්තටම එයාට හැඩගැහිලා නෙමෙයි, එයා මට හැඩගැහිලා කියලා කියන්න ඕනෑ. මම ඒ වගේ සැමියෙක් ලබන්න වාසනාවන්තයි. සාමාන්‍යයෙන් බිරිඳකගෙන් ස්වාමි පුරුෂයෙක් බලාපොරොත්තුවෙන දේවල් ටිකක් තිබෙනවා මම හිතන්නේ ඔහු මම කලාකාරිණියක් කියලා හඳුනාගෙන තිබෙන නිසා එයා එහෙම සාම්ප්‍රදායික බිරිඳක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: