hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:03



කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක් ආදරය කරන බොහෝ දෙනෙක්ගේ හදවත සොරා ගත්ත ඒ වගේම පුංචි තිරය සහ රිදී තිරය කියන මේ දෙකෙන්ම තමන්ගේ දක්ෂතාවයන් ලෝකයට පෙන්නපු අපූරු කලාකාරිනියක් තමයි අනුෂා දමයන්ති කියන්නේ.

ඇය තමන්ගේ සිනමා ගමන ආරම්භ කරන්නේ 90 දශකයේ දී.

රංගන ශිල්පිනියක් වගේම ඇය අති දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් ක්ෂේත්රය තුළ ගොඩක් දෙනෙක්ගේ ඇය හදවත දිනා ගත්තා.

නිතරම ටෙලිනාට්‍යවලින් ඇයව දැක බලා ගන්න අවස්ථාව උදා වුණේ නැතත් පසුගිය කාලේ විකාශය වූ මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යය තුළින් අනූෂා දැක බලා ගන්න අවස්ථාව උදා වුණා.

අනුෂාගේ ආදර කතාව බොහෝම ඉපැරණි එකක් වුණත්, ඇගේ විවාහයට අනන්ත බාධක, වැටකඩුලු එන්න ගන්නවා. ඒ නිසාම ඇගේ විවාහය කල් යනවා.

අවසානයේ ඇගේ සැමියා ප්‍රකෝටිපතියෙක් කියලත් හැමෝම දැන කියා ගන්නවා.

මේ දිනවල අනුෂා, මව්පදවිය ලබන්න සුදානමින් ඉන්නවා කියලා පුවතකුත් සමාජ මාධ්‍යයේ සැරසරනවා.

නමුත් ඒ කතාව බොරුවක් කියලයි අනුෂා සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවක් සිදු කරමින් සඳහන් කර තිබුණේ.

‘බොරු අනේ. මම එහෙම දෙයක් කොහේවත් කියලත් නැහැ. ඕනේම විවාහක කාන්තාවක්ට ලබන්න පුළුවන් උතුම් පදවියක් නිසා අනාගත බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි තවම නම් එහෙම දෙයක් නැහැ. අපි ජනප්‍රිය නිසා එක එක ගොසිප් හදනවනේ. ඕකත් එහෙම ගොසිප් එකක්.’

අවුරුදු 14ක් ගෙවෙනකන් ඒ ආදර කතාව හංඟපු හැටිත් අනුෂා කියලා තිබුණා.

‘මම නිළියක් නිසා මම හිතුවේ මගේ විවාහය පුදුම දෙයක් වෙන එක හොඳයි කියලා. හැබැයි අපේ ආදර කතාව අපේ පවුල් දෙක අතරෙ රහසක් වුණේ නැහැ. මට තහංචියක් තිබුණා විවාහය සිදුවෙනකම් තනියම එහේ මෙහේ යන්න බෑ කියලා අම්මා තාත්තා සහ මගෙ අයියලගෙන්. එයා ඒ දේවල් ගෞරවයෙන් පිළිගත්තා. ඇත්තටම විවාහය මම තුන්පාරක් කල් දැම්මා. මගේ රියැලිටි ෂෝ නිසා, කොවිඩ් නිසා ඒ හැමවෙලාවෙම අමිල හරිම ඉවසීමෙන් මගේ දිහා බලාගෙන හිටියා. අවුරුදු 14ක් ගියා කියලා අපි දෙන්නට දැනුනෙත් නැහැ.’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: