hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 12, පෙ.ව. 12:04



වස්ති කිවුවම කවුද නොදන්නේ.

ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ලොකු පොඩි හැමෝම වගේ වස්තිව හදුනනවා. වස්තිට ආදරය කරනවා.

වස්ති කියන්නේ ලංකාවේ වෙනස්ම පෙරලියක් කරපු බ්‍රෑන්ඩ් එකක්. වස්ති අනුෂ්ක කියලා කියන්නෙත් ආදරණිය චරිතයක්.

බොහොම හෙමින් ඉවසන් දැඩි අධිෂ්ටානයකින් කැපවීමකින් ආපු ගමනක ප්‍රතිපලයක් ලෙසින් තමයි අද ඔවුන් මේ තැන ඉන්නේ.

අද වෙද්දී ඔවුන් සමාජ මධ්‍යයේ ජනප්‍රියම චරිතයන් බවට පත්වෙලා. යු ටියුබ් පෙරලියක් කරලා ජිවිතේ ගොඩදාගත්තා ඔවුන්.

 වස්ති අනුෂ්කගේ එක්තරා වීඩියෝවක් පසුගිය සමයේ ලොකු කතාබහකට ලක්වෙනවා.

ඒ වීඩියෝව ගැන අනුෂ්ක යූටියුබ් නාලිකාව සාකච්ජාවකට එක්වෙමින් මේ විදිහේ දෙයක් කියලා තිබුණා.

‘මම ස්ටේජ් එක උඩ ඉද්දි මල් නෙවෙයි බං බෝම්බයක් දුන්නත් සතුටින් භාර ගන්නවා. ඒ රසිකයෝ දෙන දෙයක්නේ. මම කියන්නෙ මල් විතරක් නෙවෙයි, කොල්ලෙක්ට වඩා වැදගත් වෙන්නෙ අරක්කු බෝතල්… අරක්කු බෝතලයක් ගෙනත් දෙන්න, සතුටින් භාරගන්නවා. මම සන්ග්ලාස් දාගෙන ඉන්නෙ.’

‘ගොඩක් කට්ටිය නොදන්න කාරණාවක් මම සින්ග් කරද්දි මගේ ඇස් දෙක පියවෙනවා. ඒක දන්නෙ මම විතරයි.. මම අනන්තවත් මල් අරන් තියනවා. ගත්තෙ නැති එක විතරයි ශෙයා වුණේ… අනික මම අර අනිත් ගායක ගායිකාවෝ වගේ ටයිට්ල් එකක් ගහන් නෑ. මට මල් දෙන්න ඔිනි නෑ. මම දැක්කොත් ගන්නවා. ඔිඩියන්ස් එක ඔක්කොම එකයි. මලක් එනකන් මං සිංදු කියන් නෑ. මම කියන්නෙ ඔක්කොටම…’

අනුෂ්කගේ මේ හින්ට් එක කාටද කියලා තීරණය කරන එක අපි ඔබට භාර කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: