hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 01, ප.ව. 3:47



අභාවප්‍රාප්ත ක්‍රිකට් දිරිගන්වන්නෙකු ලෙස ප්‍රකට පර්සි අබේසේකර මහතා, දිනුමේදීත් පැරදුමේදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග සිටි විශිෂ්ටයෙකු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසනවා.

ඔහු පැවසුවේ ඔහු කිසිවිටෙකත් කිසිදු ක්‍රීඩකයෙකු පහත් ලෙස සලකා නොමැති බවයි.

“මම හිතන්නේ රටටම අහිමි වෙච්ච පුද්ගලයෙක්. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට විතරක් නෙමෙයි, ඉතාමත් කිට්ටුවෙන් ඇසුරු කරපු කෙනෙක් හැටියට ලංකාවේ ක්‍රිකට්වලට දායකත්වය ලබලා දුන්න ප්‍රධානම පුද්ගලයෙක්.. මම හිතන්නේ පර්සි අංකල්ගේ තිබුණ වටිනාම දේ තමයි අපිම කිසිම දෙයක් නැති කාලවල්වල පර්සි අංකල් කණ්ඩායමත් එක්ක හිටියා.. එහෙම හිටපු කිහිප දෙනෙයි අපේ කාලවල්වල හිටියේ.. මට මතකයි 1996 ලෝක කුසලාන තරගාවලිය ඉවර වෙලා අවසාන තරගය අපි ජයග්‍රහණය කරලා ඉන්න‌ කොට පර්සි අංකලුයි, ලයනලුයි, තිස්සයි ආවා අපේ කාමරේට.. ඇවිල්ලා.. ඒ හමුවෙච්ච හමුවීමත් මතක් වෙනවා..

මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තු කාලේ ඉඳලා පර්සි අංකල්ගේ ඔය කොඩිය හැමදාමත් අතින් ගියේ නැහැ.. මම දැකපු ප්‍රධානම දේ තමයි පර්සි අංකල් අපේ මැච් දින්නත් පැරදුනත් හැමදාම කණ්ඩායමත් එක්ක හිටපු ‌කෙනෙක්.. ඊට අමතරව කවදාවත් වෙන කොඩියක් වැනුවේ නැහැ.. එයාට තිබුණේ ජාතික කොඩියේ තිබුණු වටිනාකම, හැමදාම ක්‍රීඩකයින්ව දිරිමත් කළා.. කවදාවත් ක්‍රීඩකයෙක්ව පහත් තත්ත්වෙකට පත් කළේ නැහැ..රටට ආදරය කරන පුද්ගලයෝ දැන් රටෙන් නැති වෙන කාලයක් තියෙනවා.. කැපවීම් කරන කට්ටිය අද රටට නැති වෙලා තියෙනවා.. මං හිතන්නේ ඒක ක්‍රිකට් ක්‍රීඩාවට වෙච්ච් ලොකුම පාඩුව.. ක්‍රීඩකයෙක් නැතිවුණා වගේම පාඩුවක් පර්සි අංකල් වගේ කෙනෙක් නැතිවීම…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: