hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 8:14



රෙස්ටුරන්ට් එකේ මේසෙ උඩ තිබුන මෙනු එක අතට ගත්තු හංසිගේ කැමැත්ත වුනේ පීසා කන්න…

මේනකට කොහොමත් හංසි කැමති දේට කැමති වෙන්නම වෙනවනේ..චතුත් ඒකටම කැමතිවුනා..

දැන් කොහොමද ඔයාලගේ ඇකඩමික් වැඩ,හොඳට කරගෙන යනවාද,මොනාද අමාරු” මේනක ඇහුවෙ දෙන්නගෙන්ම..

ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ චතූ. “ඔක්කොම හොඳයි,හංසි ඉන්නකන් අපිට කිසිදෙයක් අමාරු නෑ.හංසිට හොඳට ඉංග්‍රීසිත් පුලුවන්නෙ.ඒ නිසා අපි බය නෑ. අපිත් දන්නැති දේවල් අහගන්නෙ හංසිගෙන්”චතු කියාගෙන කියාගෙන ගියා..

ම්ම්.. එහෙනම් බබා ඔයාට ෆස්ට් ක්ලාස් එකක් සුවර් නේහ්“මේනක හංසි දිහා බලමින් ඇහුවා..

අනේ මේහ්.. මට මොන ෆස්ට් ක්ලාස්ද අයියේ,මාත් මේ පාර එක්සෑම් ගැන බයෙන් ඉන්නේ,අයියට පුලුවන්නෙ අපි දන්නැති දෙයක් තිබ්බොත් අපිට කුප්පියක් දාන්න”හංසි කිව්වා

කිසි ප්‍රශ්නයක් නෑ..දන්න දෙයක් නම් ඕනා වෙලාවක කියලා දෙන්න බැරියෑ“මේනක කිව්වා..

ඔය අතරෙ ඕඩර් කරපු පීසා ටික ⁣මේසෙට ආවා…

ම්ම් සුවඳ.. රස පාටයි නේද” හංසි මේනකගේ අතට පීසා කෑල්ලක් දෙන ගමන් කිව්වා…

ඔව් නියමයි..බබා චතුටත් දෙන්නකෝ “මේනක කිව්වා

චතු කන්න හොඳේ..“හංසි චතුටත් පීසා කෑල්ලක් දෙන ගමන් කිව්වා

බබා..මම මේ අහන්නමයි හිටියේ,හසිනි කොහොමද ,මං කැමතියි හසිනිවත් හම්බෙන්න.එයත් එක්කත් කතා බහ කරන්න“මේනක හංසිගෙන් ඇහුවා…

හසිනි කියන්නෙ හංසිගේ නිවුන් සහෝදරිය…

ඒ කියන්නෙ හංසිගේ නංගි…

මේනක ඒ ප්‍රශ්නේ අහපු ගමන් හංසි බැලුවේ චතු දිහා..

ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ චතූ”අය්යේ අපිත් ඒ ගැන අයියාට කියන්න කියලා තමා හිටියේ,හසිනි ටිකක් අමුතුයි,අමුතුයි කියන්නෙ අයියේ එයා ටිකක් වසයි, එයා කැමති නෑ හංසි දිහා කොල්ලො බලනවට,එයා හංසිට ගොඩාක් ආදරෙයි,අක්කා යාලුවෙන කොල්ලා එයාව රවට්ටයි කියලා වගේ එයා බයයි,ඒ නිසයි අපි තවම අයියා ගැන එයාට නොකීවේ,සමහරවිට අයියාට නම් එවා කැමති⁣ වෙයි,අපි හෙමීට මේ ගැන කියන්නම් අයියේ එයාට“චතු එහෙම කියන ගමන් හංසි දිහා බැලුවේ

දුන්නු උත්තරේ හොඳයි නේද කියල හංසිගෙත් කැමැත්ත ගන්න වගේ හිතාගෙන…

චතූගේ පිලිතුරෙන් ඒ මොහොතේ මේනකට සෑහිමකට පත්වෙන්න සිද්ද වුනාට ඉක්මනටම හසිනි එක්කත් කතාබහ කරන්න මේනකට ලොකු වුවමනාවක් තිබ්බා…

ඒ වෙන මොනවත් නිසා නෙමෙයි..

හසිනි තමන් ගැන මොනවගේ ප්‍රතිචාරයක් දක්වනවද කියන එක දැනගන්න…
දැන් වෙලාව රෑ 10ත් පහුවෙලා.හංසි ජීවිතේ පලවෙනි වතාවට තමයි මේ තරම් රෑ වෙනකන් කොල්ලෙකුත් එක්ක ගෙදරින් පිට තනියම හිටියේ.කොල්ලෙක් නම් බැරියැයි බෝයි ෆෙරේන්ඩ් එක්ක..

අපි යමු නේද එහනම්”හංසි චතු දිහා බලමින් යෝජනා කළා..

තව ඉන්න තිබුණනං හොඳයි..ඒත් හංසිවයි චතුවයි බෝඩිමට ඇරලවන්න යන්නත් එපැයි

රෑත් වෙලානේ අපි එහෙනම් යමු“මේනක එහෙම කියනවත් එක්කම තුන් දෙනාම නැගිට්ටා..
හංසියි මේනකයි ඇවිදගෙන ගියේ චතූගේ පිටිපස්සෙන්…

බෝඩම ළඟටම ආවට පස්සෙ හංසිටයි මේනකටයි තනිවෙන්න ඉඩදීලා චතූ බෝඩිම ඇතුලට ගියා.

අයියා පරිස්සමට යන්න එහෙනම්,ගොඩාක් රෑ වෙලානෙ,හෙට උදේ වැඩට යන්නත් එපැයි,තෑන්ක්යූ ඩිනර් එකට” හංසි මේනකගේ අත අල්ලමින් එහෙම කිව්වා..

කිසිවක් නොකියා හංසි දිහා බලන් හිටපු මේනකටනම් හංසිගේ ඒ සිනිදු අත අතාරින්න හිතුනෙම නෑ…

නිකන්ම නිකම් සමුගැනීමක් දෙන්න සොබාදහමත් ඒ වෙලාවෙ අවසර දුන්නේ නෑ..

හරිම ලස්සනට අහසෙ හඳ පායලා තිබුණා..

බෝඩිම ළඟ ටිකක් කළුවරයි..කළුවර මැදින් පාරේ තිබුණ ලොකු මැයි ගහ අස්සෙන් හරි අපුරුවට ඒ හඳ එලිය වැටෙනවා..
අහසේ තරු පිරිලා…

ඒ මදිවට සීතල හුලඟත් ඇඟේ දැවටෙනවා..

වටපිටවෙත් කිසිම සද්දයක් නෑ..

මේනකගේ හිත කිව්වෙම නම් ඒ මොහොත හංසිගේ හරි ලස්සන මුණ සිපගැනීමකින් ලස්සන කරන්න කියලා…

මේනකගේ හිත එහෙම කිව්වට හංසිගේ හිත කියවගන්න ඒ මොහොතේ මේනක සමත් වුනේ නෑ…

ඒ නිසාමදෝ හංසි තදින් අල්ලන් හිටිය මේනකගේ අත හෙමින් හෙමින් වෙව්ලන්න ගත්තා…..

ඒ ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි එකොළොස්වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ දොලොස්වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: