hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 6:49



මෙච්චර කල් වචන වලින් විතරක්ම ආදරය පෙන්නපු මේනකට හැඟීමකින් ආදරය කියන්න මේක මේනකට හොඳ අවස්ථාවක් උනා..
හදවතේ තිබුණ තිගැස්ම පැත්තකට දාල මේනක හංසිව සිපගන්න ලංවුනා විතරයි හංසිට ගෙදරින් කෝල් එකක් අවා..

මහා රෑ ගෙදරින් ආපු කෝල් එක නිසා හන්සිත් ටිකක් කලබල උනා..

මෙහෙම රැ වෙනකම් හංසි ගෙදර හිටියත් කොහෙවත් යන්නේ නෑ..

ගෙදරින් පිට ඉන්න නිසා අම්මල හොයනවත් වැඩිනේ..

දුව කොහෙද ඉන්නේ..බෝඩිමට ආවා කියල කෝල් එකක්වත් දුන්නේ නෑනේ“හංසිගේ අම්ම එහෙම ඇහුවේ ටිකක් සැරෙන් වගේ”නෑ අම්මේ අපි ඇවිත් කෑම කන්න එලියට ගියා,දැන් ටිකක් වෙලා ඇවිල්ල“හංසි උත්තර දුන්නේ ටිකක් කලබලෙන් වගේ..

ඇයි ඉතින් රැ වුනේ,කෝ දැන් යාළුවෝ“අම්මා ඇහුවා

චතූ ඉන්නවා අම්මේ“හංසි කිව්වා

හරි එහෙනං රැ වෙලා එහෙ මෙහෙ යන්න එපා,වෙලස්සන යන්න තිබ්බනේ,දැන් එහෙනං පරිස්සමට නිදාගන්න,බුදු සරණයි..”අම්මා එහෙම කියල ෆෝන් එක තිබ්බා..

“අයියත් පරිස්සමින් යන්න එහෙනං,ගිහිං මට මැසේජ් එකක් තියන්න”හංසි මේනකදිහා බලාගෙන එහෙම කිව්වා..කොච්චර උනත් මේනකට යන්න නම් හිත දුන්නේ නෑ..

හරි බබා..මම යන්නං ඔයත් පරිස්සමට ඉන්න“මේනක එහෙම කියල එතනින් පිටත් උනේ බෝඩිමට යන්න..
දැන් මේනකකගේ මුළු ලෝකයම හංසි..

හැම වෙලේම සිහියට එන්නේ හංසිව..කොයි වෙලෙත් මේනකට හංසිගේ ලස්සන මුණ මැවිලා පේනවා..නිදාගන්න ගියත් එහෙමයි..

මේනක ගියාට පස්සේ හංසියි චතුයි පොඩි කතාවකට වැටුන මේනක ගැන..

චතූ ඔයාට මොකද හිතෙන්නේ අයියා ගැන“හංසි චතූ දිහා බලමින් කිව්වා..

අයියනම් හරිම හොඳ කෙනෙක් පාටයි,අනිත් එක අයියා ඔයාට හුඟාක් ආදරෙයි හංසි“චතූ මේනක ගැන කිව්වේ එහෙම..

ඒ වචන ටික හංසිට මහා මෙරක් වගේ..හංසිට ඇත්තටම හිතුනා මේ හංසි හොයපුම කෙනා කියල..

ඒ අතර වරේ මේනක බෝඩිමට ගියා කියල හංසිට මැසේජ් එකකුත් අවා..

අයියා බෝඩිමට ගිහිල්ල”හංසි චතුට එහෙම කිව්වේ ෆෝන් එක බලන ගමන්..

අපි දැන් නිදා ගමු,හුඟක් රැ වෙලා“චතූ හංසිට යෝජනා කළා..

හ්ම්ම්..”හංසි චතුට දුන්නේ එහෙම උත්තරයක්..

හ්ම්ම් කිව්වට හංසිට නිදාගන්න නම් එච්චර උවමනාවක් නැති බව චතුට තේරුම් ගියා..

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි දොළොස්වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ දහතුන්වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: