hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 6:55



උදෙන්ම නැගිටලා මේනක වෙනදා වගේම දුමින්දත් එක්ක එලියට බැස්සෙ වැඩට යන්න.

හැබැයි සුපුරුදු විදියට එදා නම් හංසිව බලන්න වුනේ නෑ.කලින් දවසෙ රෑ නිදාගන්නත් පරක්කු වුන නිසා හංසිට හොඳටම නින්ද ගිහින්
අනික ගෙදරත් නෙමේනෙ හිටියේ.

ඒ විදියට නුපුරුදු තැනක ගොඩාක් රෑ වෙලා නිදාගත්තු නිසාම හංසි නැගිටින්න ගොඩාක් පරක්කු වුනා.

හංසි තවම නිදි ඇති කියලා හිතාගෙන මේනක වැඩට යන්න පිටත් වුනා.

හංසිට උදේ ඇහැරුනේ ගොඩාක් පරක්කු වෙලා. ඒ වෙද්දි චතූත් තවම නිදි.

“චතූ.. චතූ.. නැගිටින්නකෝ..ගොඩාක් පරක්කු වෙලා. අපි අද ලෙක්චර්ස් යන්න ඕනා”හංසි චතුව ඇහැරවන්න ගත්තේ එහෙම කියමින්..

“ම්ම්. හ්ම්ම්..” කියලා චතූ නින්දෙන්ම කියවද්දී හංසිට එකපාරටම මේනකව මතක් වුනා.

“අයියෝ..මට අයියට ඇහැරවන්න බැරි වුනානෙ.ශිට්..එයා මං එනකන් බලන් හිටියද දන්නෙ නෑ.උදේ හමුබෙමු කියලත් කිව්වනෙ.හැබැයි එයාගෙන් කෝල් එකක්වත් නෑ.මං උදේ එයාට කතා නොකරපු එකට තරහා වෙලාද දන්නෑ” හංසි තනියම තමන්ටම කියාගත්තේ චතූගෙ ඇඟට තට්ටු කරමින්.

“ඉතිං දැන් ගන්නවකෝ අයියට කෝල් එකක්.අරන් කියනවා නින්ද ගියා සොරි කියලා” චතූ උත්තර දුන්නෙ ඇඳෙන් නැගිටින ගමන්.

“එයා මට බනියිද “

“පිස්සුද ඕයි.. මොකට බනින්නද ” එයා දන්නවනේ අපි ඊයේ නිදාගත්තෙ පරක්කු වෙලා කියලා,අනික කවුද දන්නෙ එයත් තවම නිදිද කියලා.

⁣එවෙලේම මේනකට කෝල් එකක් ගත්තු හංසිට අනික් පැත්තෙන් ඇහුනෙ…

“ගුඩ් මෝනිං බබා..ගෙදර ඉන්නවට වඩා සනීපෙට නිදාගත්තා නේද,මට හිතුනා ඔයා නිදි ඇති කියලා,ඒකයි උදේම කරදර නොකර මං ආවේ වැඩට”මේනක එහෙම කියනකොට “ම්ම් සොරි අයියේ..උදේ එන්න බැරි වුනානේ ඔයාව බලන්න”හංසි කිව්වා…

“ම්ම් ඒකට කමක් නෑ,දැන් ලෙක්චර්ස් යන්න ඕනා නේද? ඉක්මනට ලෑස්ති වෙලා පරිස්සමට යන්න එහෙනම්…

ඒ විදියට කෝල් එකෙන් පස්සෙ හංසිත් ලෑස්ති වෙලා කැම්පස් එකට යන්න පිටත් වුනා…

ඒ ඇවිදන් යන අතරතුර හංසිට චතූගෙන් හිතපු නැති විදියේ ප්‍රශ්න ගොඩකට උත්තර බඳින්න සිද්ද වුනා.

“හංසි.. දැන් මට ඇත්තටම කියන්න ඔයා අයියාට කැමතිද නැද්ද ,ආදරයක් නැත්තං ඔහොම ලංවෙලා ඉන්න එකේ තේරුමක් නෑ නේද.., දැන් අපි ඔක්කොම දන්නවානේ අයියා හොඳයි කියලා,ඉතින් ඇයි ඔයා එයාට ආදරෙයි කියලා කියන්නෙ නැත්තෙ,මං නම් කියන්නෙ අපි හසිනිටත් මේ ගැන කියමු,හැමදාම ඔහොම ලෝකෙට හොරෙන් දේවල් කරන්න බෑනෙ.”චතූ හංසි දිහා බලමින් එහෙම අහනකොට හංසිගේ මුහුණත් එක පාරටම දුර කල්පනාවකට වැටුණා…

“චතූ.. මට අයියාට අකමැති වෙන්න හේතුවක් නෑ,ඒත් ආදරෙයි කියන්න හදිසියකුත් නෑ,ආදරේ කියන්නෙ සුළුවෙන් තකන්න පුලුවන් දෙයක් නෙමෙයි,ඒක හොඳට හිතලා බලලා ගන්න ඕනා තීරණයක්, ඒකට ටිකක් කල් ඕනා,අයියාගෙ කිසිම වැරැද්දක් නෑ,ඒත් මේක මගේ ජීවිතේනෙ,තීරණ ගන්න ඕනා අනාගතේ ගැන හිතලා,අනික දන්නවානේ අපේ ගෙදරින් කැමති නෑ මං ගොඩාක් දුරින් මැරි කරනවාට,එයාලාත් ගොඩාක් දේවල් හිතනවා,කේන්දර වුනත් බලනවා,ඉතිං ඒ ඔක්කොම දේවල් ගැන හිතලා බලලා තමයි තීරණයක් ගන්න ඕනා”හංසි චතූ දිහා බලමින් පැහැදිලි කළා…

“ඔයා කියන දේ ඇත්ත හංසි,මං ඒකට එකඟයි, ඒත් දිගින් දිගටම ඔය විදියට ලගින් ආශ්‍රය කරලා අන්තිමට ඔයාට වචනයක් දෙන්න බැරි වුනොත් ඒ මනුස්සයා පව්නෙ, කොච්චර වුනත් අයියා දැනටමත් අහස උසට බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ ඔයා ගැන” චතු ඒ විදියට උත්සාහ කරේ හංසිගෙ හිතේ ඇත්තටම මේනක ගැන තියනනෙ මොනවගේ හැඟීමක්ද යන්න දැනගන්න…

ඇස් තවම ආදරෙන්..

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි දාහතර වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ පහළොස්වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..







ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: