hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 8:52



පෙරදින රාත්‍රියේ කිසිවක් සිදු නොවු ලෙසින් පසුදින උදෑසන සුපුරුදු ලෙස ඔවුන් හමුවිණි.ලස්සන නිල් පැහැති ගවුමකින් සැරසී සිටි හංසි බසයෙන් බැස තමන් වෙතට පැමිණෙන අයුරු ඇසිපිය නොහෙළා ⁣මේනක බලා සිටියේය.එය හැමදාම දකින දසුනක් වූවත් මේනකට එය දිනෙන් දින අලුත් ලස්සනක් හිතට දැනෙන අමුතුම හැඟීමක් උපදවන්නට සමත් විය.ඒ ලස්සන හිමිදිරිය මඟ හැරීමට මේනක කවදාවත් කටයුතු කලේ නැත..

ගුඩ් මෝනිංං…”

ගුඩ් මෝනිංං…අද නම් හරිම ලස්නයි ඔයා…

ඇයි වෙනදාට මං කැතද ?

නෑ අනේ..මං එහෙම කිව්වෙ නෑනෙ. ඔයා කොහොමත් ලස්සනයිනේ

ම්ම්..අයියේ ඔයාට පුලුවන්ද අද ටිකක් කලින් එන්න,කලින් වැඩ ඉවර කරලා එන්න පුලවන්ද හවසට ? අපේ නංගි අද හවසට එනවා. මං බැලුවේ අද නංගිට ඔයාව මුණගස්සන්න

මේනකත් මේ දවස එනකං බලාගෙන හිටියේ..

මට එන්න පුලුවන්.. මං එන්නම්,නංගි මට මොන වගේ ප්‍රතිචාරයක් දෙයිද දන්නෑ නේද “

ඔයා ඕනාවට වඩා හිතනවා අයියේ.. හවසට ඇවිල්ලා බලන්න කතා කරලා,ඔයා හිතන තරම් එයා නපුරු නෑ,දැන් ඔය එන බස් එකේ නැගලා යන්න. නැත්තං ඔයාට පරක්කුවෙයි.

එහෙනම් ඔයත් පරිස්සමින් යන්න,හවසට එන්නම් මං.” හංසිට සමුදෙමින් මේනක එසේ පවසා ආපු බස් රථයට ගොඩවුණා
ඉතා ඉක්මනින් දවස ගෙවී ගිය හැටි මේනකටත් හිතාගන්න බැරිව ගියා..

ඔෆිස් එකේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කර පිටත් විමට මේනකට තිබුනේ දැඩි උනන්දුවකි…

ඒ අන්කිසිවක් නිසානොව එදින හංසිගේ නංගි හසිනිව මුණගැසි කතා බහ කරන පලමු දිනය නිසාය

හසිනි, හංසි හා චතූ තිදෙනාම මේනක එනතෙක් මග බලා සිටියහ.හසිනි සැරසී සිටියෙ සුදුපාට සාරියකිනි.නිවුන් සහෝදරියන් වූවාට හසිනි හා හංසිව හඳුනගැනීම එතරම් අපහසු නැත.

මොකද මේ ලමයා මලගෙදරක යන ගමන්ද “ මේනක පැමිණි විගස හසිනි දෙස බලමින් පැවසුවේය.

නෑ අයියේ අද කැම්පස් එකේ ප්‍රසන්ටේෂන් එකක් තිබ්බා,ඒකයි “

හසිනි ඉතාම සිනහමුසු මුහුණින් මේනක දෙස බලමින් පිලිතුරු දුන්නාය.

හංසි හා චතූ මුහුනට මුහුණ බලාගත්තේ හසිනි ගේ ඒ කතාබහ ගැන විශ්මයට පත්වෙමිනි.

සාමාන්‍යයෙන් හසිනි පිරිමි ළමුන් සමඟ එතරම් යහපත් බජනයක් කවදාවත් නැත

ඉතිං නංගී..කොහොමද ඔයාට,අක්කා මං ගැන කියන්න ඇතිනෙ නෙද ? “

එයා නම් කිවවෙ නෑ අයියේ.. චතූ අක්කා තමා අයියා ගැන කිව්වෙ”

කතාබහ දීර්ඝ වේලාවක් ඇදී ගිය අතර කවුරුත් නොසිතූ ආකා⁣රයේ ඉතාම ප්‍රියමනාප කතාබහක් හසිනි හා මේනක අතර විය.

එම කතාබහට සවන්දෙමින් සිටි හංසි හා චතුගේ මුහුනුවලද තිබුනේ සතුටකි.

ඒ වෙන කිසිවක් නිසා නොව හසිනි මේනකට අකමැත්තක් නැති බව එම කතාබ හෙන්ම වැටහි ගිය නිසාය.

මේ බලනවකෝ..නංගී අයියාට කමතියි වගේ,නැත්තං ඔහොම කතා කරනවාද,දැන් ඉතිං තවත් නංගිට හොරා මුකුත් කරන්න ඕනා නෑනෙ.”

චතූ හංසි දෙස බලමින් සිනාමුසු මුහුණින් පැවසුවාය…

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි දහ අටවැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ දහ නම වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: