hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 11:10



හංසිගේ දත් කැක්කුම මේනකට ඒ තරම් දෙයක් වුනේ නැත

ඔහුට එය සාමාන්‍ය දෙයක් විය

කෙසේවෙතත් හංසිව මුන නොගැසී පසුදින ඔෆිස් යන්නට මේනකට සිදුවිය

මේනක හැමදාම කැමති ඔෆිස් යාමට පෙර හංසිගේ ලස්සන මුණ බලමින් පසු ඔෆිස් යෑමටය

කෙසේ වෙතත් හංසිගේ අසනීප තත්වය ගැන විමසා බලන්නට එදින මේනකට ඉඩක් ලැබුණේ නැත.

හවස ඔෆිස් එකේ කට්ටිය පොඩි පාටි එකකට සෙට් වෙනවා

ඒ නිසා දවල් ඉඳන්ම ඔෆිස් එකේ කට්ටිය හවසට යෙදිලා තිබුන වැඩේ වෙනුවෙන් උදය වරුවේ කඩිමුඩියේ වැඩ කරන්න ගත්තා

නංගී මං ටිකක් නිදාගන්නවා..මට ටිකක් අමාරුයි,අයියා කොල් කරොත් ආන්සවර් කරලා කියන්න මං නිදි කියලා” ගෙනාපු බෙහෙත් ටිකත් බීලා දවල් වරුවේ නින්දට යනගමන් හංසි තම නැගණියට එහෙම කිව්වේ කොයි මොහතක හෝ මේනකගෙන් ඇමතුමක් ඒවි යන විශවාසයෙනි

කාලයක් යනකොට මිනිස්සුන්ට දේවල් වල වටිනාකම අඩුවෙනවා කියලා සමහරු කියනවා.
හවස වරුවත් ගෙවිලා ගිහින් මේනකගෙන් කෝල් එකක් තියා මැසේජ් එකක්වත් නැතිකොට හංසිටත් ඒ විදියට දැනෙන්න ගත්තා ඇයට අවශ්‍යම මොහෙතක ඔහු ළඟ නෑ

මේනක වැඩ ඇරෙන වෙලාවත් පහුවෙනකොට ඔහුගෙන් එන සුපුරුදු මැසේජ් එක පවා නැතිකොට හංසිට ඕනා වුනා ඔහුට ඇමතුමක් අරගන්න නමුත් ඇය හිටියේ හරිම වේදනාවකින් ,කතා කරන්න බැරි තරම් දරුනු දත් කැක්කුමකින්…

මේනක හංසිගේ කෝල් එක ආන්ස්වර් කරද්දීම වටේ පිටේ සද්දේ හංසිට ඇහෙන්න ගත්තා..කොහෙද ඉන්නේ කියල හංසි අහන්න කලින්ම “බබා මට කියන්න බැරි වුනා.. අද ඔෆිස් එකේ පොඩි පාටියක්..මං තව චුට්ටක් පරක්කු වෙයි,මං ඇවිල්ලා කෝල් එකක් ගන්නම්..“කියල මේනක ෆෝන් එක කට් කළා.

අයියාට ඔෆිස් එකේ පාටියක්ලු..එන්න ටිකක් රෑ වෙයිලු..ඇවිල්ලා කෝල් එකක් ගනියි,මට නින්ද ගිහින් තිබ්බොත් ඔයා ආන්සවර් කරන්න..”

හංසි සිය නැගණියට එසේ පවසා යළිත් ඇඳට වැටුණේ වචනෙන් කියාගන්න බැරි තරම් වේදනාවක් සමගිනි…
ඔයා රෑට කාලා බෙහෙත් බීලම නිදාගත්තා නම් නේද හොඳ..නැත්තං ඕක අමතක වෙනවා.. කෝ නැගිටින්නකෝ අක්කෙ..කාලා ඉමු

හසිනි එහෙම කියන කොටම ඇගේ මව කාමරයට පැමිණියේ කෑම පිඟානකුත් සමඟයනි.

හංසි.. කෝ නැගිටින්න.. කාලා බෙහෙත් බීලා නිදාගන්න..” අම්මා බත් පිඟානෙන් කටින් කට හසිනිට කැව්වාය.

දැන් ඇති අම්මෙ.. ම්ම්..අමාරුයි.. ඇති දැන්..

අක්කාට වතුර වීදුරුවක් ගේන්න.. මේසෙ උඩ තියන බෙහෙත් ටිකත් අරන් එන්න..”අම්මා නංගිට මහා හයියෙන් කිවේය.ඒ අම්මාගේ කටේ හැටිය

රෑ දොළහත් වෙන්න ළඟය..

මේනක හංසිට කෝල් කළේය “අයියේ අක්කා නම් නිදි..ඇහැරවන්න එපා නේද”

ආ නින්ද ගිහින් ද,එහෙනම් ඇහැරවන් එපා,හෙට උදේට හමබෙනවානේ”

අක්කා හෙටත් එන්නෙ නැතිවෙයි අයියේ,එයාට ටිකක් අමාරුයි,දතක් ගලවන්න වුනා,මස් කඩේ වගේ කටින් ලේ ගියෙ,දැන් බෙහෙත් බීලා නිදි.”

හංසිගේ දතේ කැක්කුම එතරම් සැලකිල්ලට නොගත් මේනක එය ඇසීමෙන් සීරියස් විය

මේනක හංසිගේ දත් කැක්කුම සැබැවින්ම එතරම් බරපතල ලෙස හිතුවේ නැත

අනේ එච්චර දෙයක් වුණාද … මං හිතුවේ නෑ ඒ තරම් අමාරු දෙයක් කියලා,මට අද අක්කාට කොල් එකක්වත් දෙන්න බැරි වුනා,එයා ඇත්තටම පව්, මං එක්ක තරහා වෙලාද දන්නෙ නෑ“මේනක හැඟීම් බර වුණා

නෑ එහෙම තරහා වෙලා නෑ අයියා,හැබැයි අයියා කතා කරයි කියලා නම් අක්කා බලන් හිටියා..නිදාගන්න යන්න කලින් මට කිව්වා අයියා කෝල් කරොත් මට ආන්සවර් කරන්න කියලත්..”හැඟීම් බර උණු මේනක හංසිගේ නංගි උත්තර දුන්නේ එහෙම

කියාගන්න දෙයක් නොමැතිව මේනක අසරණ විය

මොනවද කියන්නේ කියා හිතාගන්නටවත් මේනකට නොහැකි වුණා

හරි නංගි.. මං හෙට උදේම ගන්නම් එහෙනම්.. ගුඩ් නයිට්..”

ගුඩ් නයිට අයියේ..

ඇස් තවම ආදරෙන්….

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි විසි වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ විසි එක් වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: