hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 8:55



රාත්‍රී නින්ද මේනකටද එතරම්ම සුවපහසු වූයේ නැත

තමා අතින් හංසිට යම් අතපසුවීමක් වූවාය යන හැඟීම ඔහුගේ සිත තුල මුළු රෑම වද දෙන්නට විය

ඇය ඔහුගෙන් බලාපොරොත්තු වූ ආදරය ඔහු තේරුම් ගත්තාද යන ප්‍රශ්නය ඔහු ඔහුගෙන්ම අසන්නටද විය

මම උදේට කොහොමද දැන් හංසිට මුණ දෙන්නේ ,එයා හිතනවා ඇති මම එයා ගැන කිසි හෙවිල්ලක් නෑ කියල, මොනවද මම කියන්නේ “මේනක මුළු රෑම කල්පනා කලේ ඒ ගැනය

ඒ අතර හංසිව මුණගැසුණු පලමු දිනයේ ඇය සිය මිතුරියන් ඉදිරියේ මේනක ගැන කල ප්‍රකාශයක් ඔහුට මතක් විය.

ඇය අසනීප වී මෙඩිකල් සෙන්ටර් එක තුල සිටින අවස්ථාවේදී “ඔච්චර වුවමනාවක් ආදරයක් තියනවානම් දැන් එන්න එපැයි..මැරුනත් ඔච්චර තමා..” යනුවෙන් එදා හංසි සිය යෙහෙලියන් සමඟ මේනක ගැන කියූ දේය..

එදා මේනක එතනට එන්න ප්‍රමාද වූ නිසා හංසි යාළුවන්ට කිවේ එවැන්නකි.එහෙත් මේ සිදුවීම ඊට හාත්පසින්ම වෙනස්ය.

දැන් දෙදෙනා හොඳින් හඳුනන එකිනෙකාට ලෙන්ගතු දෙදෙනෙකි.

පෙරට වඩා දැන් එකිනෙකා ගැන වැඩි වැඩියෙන් සොයා බැලිය යුතුය.නමුත් මේනකට හංසිගේ දත් කැක්කුම එතරම් ලොකුවට ගණන් නොගැනීම ගැන දැන් ඔහුම වදවෙන්නට පටන් ගෙන ඇත.

මේ අවස්ථාවේ හංසිට තමාව එපා වී ඇය වෙන්වී යයි යන බියද මේනකගේ මන්සේ දෝංකාර දෙන්නට පටන් ගත්තේය
හැම දිනකම උදෑසන 5.55 හංසිගෙන් එන කොල් එක මේනකගේ එලාර්ම් එක විය.

පසුදින උදෑසන ඔහු නොහිතපු ලෙසට හංසිගේ එලාර්ම එක වැදුනේය. මිස් කෝල් එකකින් පසු ඇය මැසේජ් එකක් දැම්මාය
මෙය බලන තුරු මේනකට ඉවසුම් නැති විය

ගුඩ් මෝනිං අයියේ.. මට කට අරින්න අමාරුයි,ඒකයි මැසේජ් කරන්නෙ,අදත් මට එන්න වෙන්නෙ නෑ,ඔයා පරිස්මට ගිහින් එන්න..”

ඒ කෙටි පණිවුඩය දිහා මඳ වේලාවක් ඇහිපිය නොහෙළා මේනක බලා සිටියෙ තමන් මෙය කියවනනෙ පියවි සිහියෙන්ද යන්න තහවුරු කරගැනීමටය.

ඔහුට ඇය ගැන තිබූ ආදරය තව තවත් වැඩිවන්නට විය.

හැම තත්පරේකදිම ඇය ගැන හොඳින් සොයා බැලිය යුතුයි යන්න ඔහු එතැන් පටන් අධිෂ්ඨාන කරගත්තේය.

හරි බබා.. මං ගිහින් මැසේජ් එකක් දෙන්නම්..ඔයාට කතා කරන්න අමාරුයිනෙ,පහසු වුන ගමන් කෝල් එකක් දෙන්න..”
ඔහු රිප්ලයි කළේය..

මේනක දිගු හුස්මක් හෙළීය..

මුළු රෑම තමන් තුල වූ පීඩනය හංසිගේ කෙටි පණිවිඩයෙන් පිටව යන්නට විය.

එදිනද ඇයව දකින්න නොලුබුනත් ඔහු ඉතා සතුටින් රැකියාවට පිටත් වුනේ ඇගේ ආදරය වැඩි වැඩියෙන් දැනෙන්ට වූ නිසාය.

ප්‍රේමයේ අපූර්වත්වය ඔහු එලෙසින් රසවිඳින්නට විය.

එය මෙලොව ජීවත්වන සියල්ලන්ටම විඳින්නට හැකිවන්නේ නැත..

සමහරු ආදරය කර විවාහ වී දරු මල්ලන් සමඟ ජීවිත ගෙනයන අතර සමහරු ආදරය කර හිමි වීම් මද විඳිමින් අහිමි වීම් මැද විඳවමින් ජීවත් වෙයි.

තවත් සමහරු දුක,සතුට,කේනිතිය,බය තම ප්‍රේමය තුල කැටි කරවා ගෙන ඒ සියල්ල සමබරව විඳිමින් ජීවත් වෙයි.

මේන⁣කගේ ප්‍රේමයේ ඉන් කුමන ආකරයක එකක් දැයි ඔහුවත් හංසිවත් තවම දන්නේ නැත….

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි විසි එක් වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ විසි දෙවැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: