hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 10:29



බිසීද ඔයා..? ෆ්‍රී නම් කොල් එකක් ගන්නවද ? “

හංසිගෙන් කෙටි පනිවිඩයකි.

දැන් කොහොමද? කතා කරන්න පුලුවන්ද ? කෑවද ? බිව්වද ?”

ඇගේ කෙටි පනිවිඩයට පිළිතුරු ලෙස ගත් ඇමතුමෙන් මේනක හංසිගෙන් විමසීය.

දැන්නම් ⁣ටිකක් අඩුයි අය්යේ.. අපි දැන් දවස් දෙකකින් දැක්කෙත් නෑ නේ. ඔයාට පුලුවන්ද හෙට හාෆ් ඩේ දාන්න ?”

ම්ම්.. බැරිවෙන එකක් නෑ…මං දවල් වෙලා එන්නම් කොහොමහරි,හෙට හම්බෙමුකෝ..’

දෙදෙනා හමු නොවී දැන් දින දෙකක් ගතවී ඇත.

කතාබහ කරන්න බොහෝ දේ ඇත.

හමුවීමට වැඩි වුවමනාව තිබුනේ හංසිටයි.

ඇය පසුදින දහවල් වනතෙක් ඉතා නොරිස්සුම් සහිතව ඉවසා සිටියාය.

මේනක කිසිවිටකත් පොරොන්දු කඩ කරන පුද්ගලයෙක් නොවේ.

නමුත් ඔහු නොදැනිම ඔෆිස් එකේ අසීරු වැඩකට වැටී ඇතිබව පසක් වූයේ බොහෝ වේලාවක් ගිය පසුවයි.

හිෂාම්…මට අද හාෆ් ඩේ යන්න ඕනා බ්‍රෝ… ඒත් අද වැඩ ටිකක් වැඩියිනෙ..බොසාට කොහොමද කියනනෙ කියලා කල්පනා කරේ..

හිෂාම් යනු තම රැකියා ස්ථානයේ මේනකගේ ලඟම අසුනේ සිටින සමීපතමයෙකි.

හංසිට වුන පොරොන්දුවට අනුව මේනක කෙසේ හෝ වරුවෙන් වැඩ නිම කර යා යුතුය.

නමුත් නොහිතූ ලෙස එදින කාර්යබහුල දවසක් වූ නමුත් හිෂාම් තමන්ට මේ වෙනුවෙන් උදව් කරන බවට ඔහුට දැඩි විශ්වාසයක් තිබුණි.

අඩේ බ්‍රෝ…. මොනාද කියන්නෙ කෙල්ල හම්බෙන්නනේ යන්නෙ.. ඩෝන්ට් ගෙට් සීරියස් මෙන්…අයි විල් මැනේජ් එව්රිතින්ග් හියර් බ්‍රෝ.. යූ ගෝ.. මං බොසාව ශේප් කරන්නම්…උබ යමං.. නෝ ප්‍රොබ්ලම්..”ඔහුගේ උදව්ව මේනකට මහත් අස්වැසිල්ලක් විය.

අඩේ තෑන්ක්ස් බ්රෝ.. එහෙනම් අයි විල් ඩිස්මිස්..සී යූ ටුමාරොව්..”

එලෙස කාර්යාලයෙන් කඩිනමින් පිටත්ව තම පෙම්වතිය දැකීමට මේනක විශ්වවිද්‍යලයට ඉතා ඉක්මනින් ආවේය.

හංසි සහ ඇගේ මිතුරියන් නිතරම රැඳී සිටින හරි අපූරු ස්ථානයක් ඇත.

ගස් කිහිපයකම සෙවන ඇති විශ්වවිද්‍යාලයේ පසෙක පිහිටා ඇති ගල් මේසයක් ඔවුන්ගේ කාලය ගෙවීමට තෝරාගෙන තිබුණි.නිතරම මල් වැටෙන ලස්සන පරිසරයක් අවට වටපිටාව තුල දක්නට ලැබිනී.

එම ස්ථානයට යනවිට ලැපිටොප් එකක් දිග ඇරගෙන සිටියෙ චතූ පමනී.

චතූ… කෝ අරයා නැද්ද ..?

මේ දැන් හිටියා මේ දැන් නෑ.. අන්න අර පැත්තට තමයි ගියෙ..බලු පැටව් වගයක් හුරතල් කර කර හිටියා..උන් පස්සේ යන්න ඇති. හංසිට බලු පැටව් දැක්කොත් ඉතිං දන්නවානෙ..එයා ආසයිනෙ..අය්යා ගිහින බලන්නකෝ අර පැත්තට ගියෙ…

ඇතින් එන හංසිව මේනක දුටුවේය.
අර එ⁣න්නෙ බලු පැටව් දෙන්නෙකුත් කිහිල්ලෙ ගහගෙන..

ඇස් තවම ආදරෙන්..

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි විසි දෙවැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ විසි තුන්වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: