hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 8:08



බලු පැටවුන් දෙදෙනෙක්ද අත් දෙකෙන් ඔසවාගෙන හංසි එතනට ආවාය

එකෙකුගේ කටේ හිස් යෝගට් කෝප්පයක්ය

අනෙකගේ කට වටේම කිරි තැවරී ඇත

ඔය සත්තු දෙන්නව බිමින් තියලා පාඩුවෙ ඉන්න දෙන්නකෝ..අර උන්ගේ අම්මත් ඇවිල්ලා බලං ඉන්නවා පැටව් දෙන්නව කොහෙ උස්සන් යනවද කියලා..”

අනේ මේ දෙන්නා හරි ෂෝක් අයියෙ..හොඳටම බඩගින්නෙ ඉඳලා තියන්නෙ.. යොගට් දෙකම කෑවා…”

මුං කොහෙද අනේ බඩගින්නෙ ඉඳලා තියන්නෙ..බලන්නකෝ බෝල ගෙඩි වගේ සයිස් එක,මුංට ලමයි නිතරම කන්න දෙනවා දැන් ඔයා දුන්නා වගේ,ඔය ඉන්නෙ අපූරුවට,දැන් ඔය දෙන්නව බිමින් තියලා අත් දෙක හෝදන් එන්නකෝ..”

තම අතේ වුන් බලු පැටවුන් දෙදෙනා මේනකගේ අත්දෙකේ තබමින් හංසි ගියෙ දෑත් සෝදාගෙන ඒමටයි

චතූත් මේනකත් මුහුනට මුහුන බලා සිනාසෙන්නට විය

පිස්සු කෙල්ලෙක් නේද අයියේ.. වෙලාවකට ඔයවගේ විකාර වැඩ කරනවා අපි එක්ක ඉද්දිත්..” සිනාසෙමින් චතූ පැවසීය

දැන් කොහොමද දත් කැක්කුම..කෝ බලන්න..”

හංසි ලඟට ආ පසු ඇගේ මුහුණ අත ගාමින් මේනක එලෙස ඇසුවේය.

ම්ම්ම්.. අල්ලන්න එපා..අල්ලද්දි රිදෙනවා..දැන් කන්න බොන්න කතා කරන්න පුලුවන්..දන්නවනේ කන්න බොන්න පුලුවන් වුනා නම් ඇති මට..”

හංසි පිළිතුරු දුනනේ ඇය වඩාත් දුක්වුනේ කන්න බොන්න අපහසුවීම නිසා බව අඟවමිනි..

ආ ඒක තමා චුට්ටක් කෙට්ටු වෙලත් වගේ දවස් දෙකට..නේද චතූ.. දැන් ඒවා අල්ලනනත් එක්ක කන්න එපැයි..'”

“නී දයි දියන් ශී දායි..

හංසි තම බෑගයේ තිබූ පොත් ටිකකුත් එලියට රැගෙන හිඳගනිමින් එසේ පැවසුවාය..

මොකක්..?”

මට චයිනීස් තේරෙන්නෙ නෑනෙ බබා.මොකක්ද කිව්වෙ කියලා සිංහලෙන් කියන්න හොඳ ළමයා වගේ

හංසි සහ චතූ විශ්වවිද්‍යාලයේ විෂයක් විදියට චීන භාෂාව ඉගෙන ගනියි. “එයාට කන්න මොනාහරි ගෙන්න කියලා කිව්වෙ අයියෙ..”

චතූ මේනක දෙස බලමින් කිව්වාය.

ආ… කවුද ඉතිං දන්නේ.. මේ බඩට තව පුරවන්න පුලුවන් කියලා,ඕකේ ටෙල් මී වට් ඩූ යූ ප්‍රිෆර් “

මට ඕනා පෑන් කේක්.. පෑන් කේක් එකයි තේ එකයි දැන් ඕනා..” හංසි ලඟින් පහිටි කිරිහල දෙසට අත දිගු කරමින් මේනකට කීවාය.

ඕකේ..ඔයාලා ඉන්න මං අරන් එන්නම්..”

ඇස් තවම ආදරෙන්….

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි විසි තුන් වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ විසි හතර වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: