hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 7:29



හංසිගේ දැඩි ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මේනකට නොහැකි විය.

හසිනි මේ කිසිවක් දන්නේ නැත.හසිනිගෙන් මේ ගැන විමසන විට ඈ කෙසේ ප්‍රතිචාර දක්වාවිද යන චකිතය ඔහු තුල තද බල ලෙසම තිබිණි.

හරි මං හෙට උදේට නංගිට කතා කරන්නම්..මං කියලා බලන්නම්..ඒත් මට එයාට බල කරන්න බෑනෙ…ඔයාට තේරෙනවනෙ..මට පුලුවන් යම් උත්සහයක් දරන්න විතරයි.

කමක් නෑ ඔයා එයාට කතා කරන්න..එයා අහනවානම් අහලා හොඳ තීරණයක් ගනියි.එහෙම නැත්තං ඕන එකක් කරගත්තුදෙන්..”

කාගේවත් ආදරයකට බලපෑම් කිරීමට මේනකට කිසිම වුවමනාවක් තිබුනේ නැත.

නමුත් මෙතනදී ඔහුට වටින්නේ ඔහුගේ ආදරයයි.

දෙපැත්තක් බැලන්ස් කරගෙන මේ වැඩේට මැදිහත්වීමට සිදුවිය.

පසුදින උදෑසනම මේනක හසිනිට ඇමතුමක් ගත්තේය.

ගුඩ් මෝනිං නංගී..”

ගුඩ් මෝනිං අයියේ..”

නංගි දැන් කොහෙද ඉන්නෙ,කතා කරන්න පුලුවන්ද මේ වෙලාවේ..’

පුලුවන් අයියේ.. මං මේ කැම්පස් එකට යන ගමන් ඉන්නෙ.”

නංගී මං මේ කා කරේ වැදගත් දෙයක් ඔයා එක්ක කතා කරන්න.ඊයේ අක්කත් මේ ගැන කතා කරා.නංගී කේන්ති ගන්න එපා..ඒත් අපි මේක කතා කරන්න ඕනා..”

මේනක හිතේ දෙගිඩියාවකින් යුතුව එසේ පැවසුවේ තමන්ට කෙලින්ම කතාවට ඒමට තරම් හයියක් නෙතිබුනු නිසාය.

ඒ අන් කවර නිසාවත් නොව හසිනි කිසිම විටක මේනකට විරෝධයක් හෝ අකමැත්තක් දැක්වූ නැති සහෝදරියක් වීමය.

මං දන්නවා අයියා මොනවා ගැනද කතා කරන්න යන්නෙ කියලා..දුනිත් ගැන නේද,එයාලා කවුරුත් දුනිත්ට කැමති නෑ අයියෙ.මං දන්නෑ ඇයි කියලා.ඒත් ඒ ළමයා හොඳයි.අපි වැඩිය හම්බෙලා කතාබහ කරලා නෑ තමයි.ඒත් මට එයා ගැන දැනෙන්නෙ හරි අමුතු හැඟීමක්.අනික මේ මගේ පළවෙන එෆෙයාර් එක. මං මීට කලින් කා එක්කවත් යාලුවෙලා නෑ.මොකද මට කොල්ලො පේන්න බෑ.ඒ්ත් දුනිත්ව එහෙම නෑ..මං එයාට කැමතිය අයියේ”

හසිං තම හිතේ දුනිත් ගැන තිබු හැඟීම මේනක අහන්නත් කලින්ම කියා දැම්මාය.

මේනකට කට උත්තර නැති විය.

ඉන් එහාට ඇයට කිසිවක් කියා පලක් නැති බව ඔහුට තේරුම් ගියේය.

ඈ දැනටමත් දුනිත්ට කැමතිය.

නමුත් අවසන් වර යයි සිතා මේනක යළිත් හසිනිට මෙසේ පැවසීය.

නංගී ඔයා දැන් දුනිත් ගැන හැමදේම දන්නවාද,යාලුවෙන්න කලින් ආදරේ කරන්න කලින් ටිකක් හොයලා බලන්න ඕනා නේද,අක්කත් බය වෙලා ඉන්නෙ ඒ නිසයි.දුනිත් ටිකක් වැඩිපුර බොනවලු නේද..ඒකයි නංගි ටිකක් කලබල නොවී ඉමු කියලා කියන්නෙ”

මේනක එලෙස පැවසුවේ යළිත් කිසිම ආකාරයකින් හසිනිගේ කැමැත්තට බලපෑම් නොකරනවා යැයි සිතාගෙනය.

අනේ අයියේ..නොබොන කොල්ලො ඇති.දුනිතු බොනවත් ඇති.ඒත් එයා මට ඇත්තටම ආදරෙයි නම් මට ඒකේ ප්‍රශනයක් නෑ.මං තවම දුනිත්ට වචනයක් දීලා නෑ.ඒ නිසා මං කලබල නොවී ඉනනම්.ඒත් අයියේ මං නම් හිතන්නෙ නෑ මගේ හිත වෙනස් වෙයි කියලා”

හසිනිගේ අවසන් උත්තරය එය විය.

හරි නංගී අපි පස්සෙ ඒ ගැන කතා කරමුකො එහෙනම්.දැන් පරිස්සමට යන්න.බායි..”

“හරි අයියේ යූ ටූ..බායි”

සංවාදය එසේ අවසන් වීමෙන් මේනකට දැනුනේ පුදුම සහනයකි.

ඇත්තම කිව්වොත් හසිනි දුනිත සමග ආදරෙන් බැඳෙනවාට මේනකට මේනකගේ විරුද්ධත්වයක් නොවීය.

හංසිගේ වුවමනාවට ඇමතුම ගත්තා මිස කසිවිටකත් හසිනිගේ ජීවිතයට නම් මැදිහත්වීමට ඔහුට කිසිම අවශ්‍යතාවයක් නොවීය.

කෙසේ නමුත් වැඩිවෙලා නොයවා හංසිටද ඇමතුමක් ගෙන හසිනිගේ දැඩි ස්ථාවරය පිළිබඳව දැනුවත් කිරීමට මේනක කටුයුතු කළේය.

මින් එහාට ඒ සම්බන්ධයෙන් කතාබහ කර පලක් නොමැති බවත් හසිනිගේ හිත ලේසියෙන් වෙනස් නොවන බවත් පවසමින් මේ ප්‍රශ්නයෙන් ගැලවී පලා යාමට මේනක දැඩි උත්සාහයක් දැරුවේය.

ඇස් තවම ආදරෙන්..

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි විසි පස් වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ විසි හය වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: