hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 01, පෙ.ව. 7:30



උදාවී ඇත්තේ වසරේ තුන්සිය හැට පස්වෙනි දවසයි.

වසරේ මුල් කාර්තුව තම හිත්ගත් ප්‍රේමය තමන් වෙතට ගැනීමට සටන් කල මේනකට අවසන් කාර්තුවේ නොසිතූ ලෙස එම ප්‍රේමයට ලංවන්නට හැකිවිය.

එක් පසෙකින් පමණක් ප්‍රකාශිත වූ මේ ආදරය අනෙක් පසින්ද ප්‍රකාශවූ සර්ව සම්පූර්ණ පෙමක් බවට පෙරළාගැනීමේ වෙහෙසකර පරිශ්‍රමයක මේනක නිරත වෙමින් සිටියේය.⁣

කෙනෙක් ආදරය නිර්වචනය කරන්නේ කෙසේද ඒ නිර්වචනයට අදාල වන සියලු ⁣දෑ මේනකගේත් හංසිගේත් පැවති මේ මාස ගණනක බැඳීම තුල තැනපත් වී තිබුණි.

අඩුවට තිබුනේ හංසිගේ ආදරය ප්‍රකාශ කිරීම පමණි.

වසරේ අවසන් දවස බෝඩිමේ නැවතී ගත කරන්නට මේනක තීරණය කලේ එදින සවස තම පෙම්වතිය සමග ගත කිරිමේ අදහස ඇතිවයි.

උදෑසන සිටම වැහි වලාවන්ගෙන් පිරි අහස දෙස බලා ඔහු කල්පනා කරේ හංසි ගැනය.

ඇගේ ලස්සන ඔහුට වචනයෙන් විස්තර කල නොහැකිය.

ඇගේ වදන් ඔහුට මිහිරිය.

සවස් වනතුරු ඔහු බලා සිටියේ ඒ ලස්සන තරුණිය සමග වසරේ අවසන් දවස ආදරයෙන් ගත කිරීමටයි.

අයියේ හවස ලෙක්චර් එකට යන්න බෑ වගේ.. කම්මැලියි මට.ඔයාට එන්න පුලුවන්ද කැම්පස් එකට..”
හංසිගෙන් ලැබුණු කෙටි පණිවිඩයට දෙවරක් නොසිතා “හරි මම එන්නම්..” යනුවෙන් එසැනින්ම ඔහු රිප්ලයි කලේ අතට අහුවුනු රතුපාට කමිසයද ඇඳගනිමින්ය.

කැම්පස් ගොඩනැගිල්ලක දෙවන මහලේ කොරිඩෝවක පිහිටි පුටු පේලියක කෙලවරේ ඈ වාඩි වී සිටියාය.

රතු හා සුදු පැහැති පුංචි මල් මිශ්‍ර කලු පැහැති දනහිස තරමට කෙටි ගවමුකින් සැරසී සිටි ඈ ඉතා ප්‍රියමනාප සිනහවකින් මේනකව පිලිගත්තාය.

ඇය අසලින්ම හිඳගත් ඔහු “ඔයා අද හරිම ලස්සනයි” යනුවෙන් පැවසුවේ ඇගේ ගෙල පැළඳි රිදී පැහැති මාලයෙහි පැටලී තිබූ ඇගේ කෙහෙරැලි ඉවත් කරමිනි.

අයියේ.. අපේ නංගිගේ වැඩේ නම් හරියන්නෙ නෑ නේද..එයා හරිම මුරණ්ඩුයි නේ.ඔයා කතා කරත් එයා එයාගේ තීරණේ වෙනස් කරන පාටක් නෑ වගේ.”

අපි එයාට කැමති දෙයක් කරගන්න දෙමු,එයා වුනත් ඔයා වගේ තමා,හොඳට හිතලා බලලා තීරණයක් ගනියි,දැන් ඔයා වුනත් කරන්නෙ ඔයාට හොඳයි කියලා හිතෙන දේනෙ,නංගිත් ඒ වගේ හොඳට තීරණයක් ගනියි.,බය නැතුව ඉන්නකෝ..”

මේනක පිළිතුරු දුන්නේ ඇගේ හිස අතගාමිනි.

ම්ම්… අනේ මන්දා අයියේ..”

බබා අද මේ අවුරුද්දෙ අන්තිම දවස,හෙට ඉඳන් අලුත් අවුරුද්දක්ඔ,යාට මට මොනවහරි කියන්න තියනවානම් ඒක මේ අවුරුද්දෙම කියලා ඉවර කරන්න පුලුවන් නේද..” ආදරණීය බැල්මක් හෙළන ගමන් මේනක හංසිගෙන් ඇසුවේය.

මොකද ඔච්චර හදිස්සී…හැමදේකටම වෙලාවක් තියනවනේ අයියේ,ජීවිතේ ලස්සන දේවල් සිද්ද වෙන්න ඕනා මිනිසුන්ට අමතක නොවෙන විදියට අමතක නොවෙන දවස් වලට,සමහරවිට ඒ දවස අද වෙන්නත් පුලවන්..ඒත් ඒ වෙලාව දැන් නොවෙන්න පුලුවන්..”හංසි මේනකගේ කම්මුලට තම මුව ලංකරමින් රහසින් සේ පැවසුවේ මේනකගේ හිතේ තිබු නොයිවසිලි බව තවත් වැඩි කරවමිනි.

ඉර බැස යන සවස් යාමය වන තෙක්ම ප්‍රේමණීය කතාබහක නිරත වූ ඔවුනට කාලය ගෙවී ගිය හැටි ගැන වගක් නොවීය.

තමන් කැමතිම පුද්ගලයා ළඟින් සිටින විට කාලය ගෙවෙන්නේ ඇඟට පතට නොදැනීමය.

සැන්දෑ හිරුකිරණ තම මුහුණට වැටෙන විට “අයියේ මං ගෙදර යන්න ඕනා..” හංසිට පසක් විය.

ඇස් තවම ආදරෙන්…..

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි විසි හය වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ විසි හත් වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: