hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 03, පෙ.ව. 9:33



කොහෙද බං රෑ වෙනකන් ගිහින් හිටියේ..”

මේනක බෝඩිමට එනවාත් සමගම දුමින්ද ඇහුවේ කින්ඩියට මෙන් සිනාසෙමිනි.

“අරයව ඇරලවන්න ගියා බං..”

ආ ඒ කියන්නෙ උඹ අද නිවාඩු දාලා දවසම කෙල්ල එක්ක නේද ඉඳලා තියන්නෙ,කොහෙද ගියේ ?”

“කොහෙවත් නෑ බං..හවස කැම්පස් එකේ හිටියේ.එච්චරයි.. ” දිගු හුස්මක් හෙළන ගමන් මේනක පැවසුවේය.

බෝඩිමේ කොල්ලෝ ටික හෙට උදේම කිරි මුට්ටියක් උතුරන්න ලෑස්ති කරලා තියනවා.ඒ පැත්තටත් යන්න වෙයි පොඩි සපෝට් එකක් දෙන්න.”

ඔව් ඔව් නැත්තං හරි නෑනෙ. උදේම ඒ වැඩේට ජොයින් වෙමු,හැබැයි මට හෙට උදේම යන්නත් ඕනා.” මේනක කලින් සැලසුම් කරගත් වැඩක් තමන්ට ඇති බව මතක් වී එසේ පැවසීය.ඔහු සිටියේ පසුදා උදෑසන වනතෙක්ය.

තිබූ නොඉවසිල්ල නිසාම ඔහුට රාත්‍රී නින්දද සුවපහසු වූයේ නැත.

උදෑසනම අවදි වූ මේනක සහ දුමින්ද එකිනෙකාට නව වසර වෙනුවෙන් සුබ පතා ගනිමින් බෝඩිමේ අනෙක් අයවලුන් සමග කිරි මුට්ටිය උතුරන වැඩේට සම්බන්ධ විය.

නිතරම තම අත පැළඳි ඔරලොසුව දෙස බලමින් සිටි මේනකට අවශ්‍ය වූයේ හංසි පැමිණෙන වෙලාවටම ඈ ඉදිරියේ සිටීමටයි.

දුමින්දට පසුව පැමිණෙන මෙන් දන්වා මේනක තනිවම බස් නැවතුම අසලට ගියේ හංසි මිනිත්තු කීපයකින් බසයෙන් බහින බව ඈ පැවසීමෙන් අනතුරුවයි.

බස් රථ එනතෙක් බොහෝ සෙනඟ බස් නැවතුම අසල සිටියමුත් ඒ අසල කඩ පේලියක කොනක වන්නට මේනක සිටියේ තම දෑත් පිටුපසට කර බැඳගෙනය.

බසයෙන් බැසගත් හංසි සුපුරුදු ලෙසටම ඔහු වෙතට ඇදී ආවේ වෙනදා මෙන්ම ඇස් හීනි කරවා ගත් සියුම් සිනහවකින් මුහුණ පුරෝගෙනය.

හංසි ලඟට වත්ම මේනක තම පිටුපසට බැඳි දෑත් ඇය වෙත දිගු කරමින් නැවුම් මල් පොකුරක් ඈ අත තැබුවේ “විශ් යූ අ හැපි නිව් ඉයර් බබා..!!” යනුවෙන් සුබ පැතීමෙනි.

මල් පොකුර සිය දෝතට ගත් හංසි ඒ දෙස නිහඬව බලා සිටියේ ඒවායේ සුවඳ ආස්වාස කරමිනි.

නැවුම් මල් සුවඳින් මත් වූ ඈ දෙනෝදහක් මැද වූවද මේනකට ලංව ඔහුගේ පපුවට තුරලු වී “මං ආදරෙයි… ගොඩාක් ආදරෙයි ඔයාට..ගොඩාක්..” මේනකගේ මුහුණ දෙස බලාගෙනම පැවසීය.

අවුරුද්දෙ පළවෙනි දවසෙම මේනකට ලැබුණු ඒ ආදරණීය වචන පෙලනම් කිසිදා අමතක නොවනු ඇත.

මොහොතක් ඈ තම තුරුලේ තබාගත් මේනක “දැන් ඔයා මට ආදරෙයි කියලා කිව්වනෙ..දැන් ඔයා මගේ..” ඇගේ හිස අත ගාමින් පැවසීය.

ම්ම්.. තෑන්ක්යූ ඔයාට.. මේක හරිම ලස්සනයි..හරිම සුවඳයි..” හිස එහෙට මෙහෙට ඇල කරමින් හංසි පැවසුවාය.

මේනක හංසි ආදර කතාවේ හොඳම සහ වටිනාම වේලාව මෙය විය.

ආදරේ ප්‍රකාශ කරන්න මීටත් වැඩිය හොඳ වෙලාවක් නැති බව ඈ දැන උන්නාය.

අවුරුද්දෙ පලවෙනි දවසෙම ආදරේ ප්‍රකාශ කරපුවාම ඒ දවස කවදාවත් අමතක වෙන්නෙ නෑ.

ඒ නිසාම හංසිගේ හොඳම වේලාව මේනකට කිසිදා අමතක නොවනු ඇත.

ආදරණීය මොහොතක් බස් නැවතුම අසල ඒ අයුරින් ගතවෙද්දී ඔරලෝසුවේ කටුද වේගයෙන් කැරකී තිබුණි.

බබා මං දැන් යන්න ඕනා.. පරක්කු වෙනවනෙ. ඔෆිස් එකෙත් උදේ නිව් ඉයර් සෙලිබ්‍රේෂන් එකක් තියනවා.මං ගිහින් කෝල් එකක් දෙන්නම්.. ඔයත් පරිස්මට යන්න”

හරි අයියේ..පරිස්සමට යන්න.. ලව් යු” හංසි සිය දෙතොල් උල් කරමින් පැවසුවාය.

බස රථයට ගොඩ වූ මේනක ඇය නොපෙනෙන තෙක් ඈ දෙස බලා උන්නේ ඉමහත් වූ සතුටකිනි.

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි විසි අට වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ විසි නම වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: