hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 04, පෙ.ව. 9:08



විශ් යූ අ හැපි නිව් ඉයර් බ්‍රෝ !.. යූ ආ ලුකින් ගුඩ් ටුඩේ.

ඔෆිස් එකට ඇතුලු වෙද්දිම සුබ පතන්නට ආවේ හිෂාම්ය.

දිගින් දිගටම එක දිගටම සුබ පැතීම්ය..

වැලඳගැනීම්ය.

හැමෝම සතුටින් අලුත් අවුරුද්දේ වැඩ පටන් ගන්න එලෙසින් සූදානම් විය.

මේනකගේ සතුටට හේතු දෙකක් ඇත.

අලුත් අවුරුද්දටත් වඩා ඔහුගේ සතුට වූයේ හංසිගේ ආදරය ප්‍රකාශ කිරීමය.

බ්‍රෝ යමු ෆොටෝස් ටිකක් ගන්න..

සියල්ලන් කැටුව නව වසරේ එලෙස ඡායරූප ගනිද්දී කැපි පෙනෙන පෙනුමක් මේනකගේ තිබුණි.

වෙනදා මෙන් නොව අද ඔහු සිටින්නේ කාටත් හිතාගන්නට බැරි අමුතු සතුටකින් බව නම් සියළු දෙනාටම තේරුම් ගියේය.

අද නිකං රොමෑන්ටික් මූඩ් එකකින් උදේ ඉඳන්ම..මොකකහරි විශේෂ දෙයක් තියනවා නේද අපිට නොකිව්වාට..

එක් තරුණියක් ඡායරූප ගන්නා අවස්තාවේදී මේනකගෙන් ඇසුවාය.

ආයේ මොනාද ඉතිං…අර ට්‍රයි කරපු කෙල්ල වචනෙ දෙන්න ඇති… වෙන මොන හේතුද.” පිලිතරු දුන්නෙ හිෂාම්ය.

“Congratulations bro..!!”
හතර වටින් තව සුබ පැතුම්ය.

හැමෝම දැන් මේනකව බදාගෙන සුබ පතන්න ගත්හ.

ජීවිතයේ මේ වනතෙක් මෙවැනි උණුසුම් සුබ පැතුම් නම් ඔහුට කිසි දිනකත් ලැබී නොතිබුණි.

ජනවාරි පළමුවැනි දින මේනකගේ ජීවිතයේ වැදගත්ම දවසක් විය.

හංසිටත් එය එසේ වනවා නොඅනුමානය.

එය ඔවුන් දෙදෙනාටම අලුත් නිවසක අත්තිවාරමකට මුල් ගල තිබ්බා සේ වැනිය.

මුල්ගල සාර්ථකව තිබ්බත් අත්තිවාරම ශක්තිමත් නොවන්නේ නම් නිවසට පැවැත්මක් නොමැත.

අත්තිවාරම ශක්තිමත්ව ගොඩනගා ගැනීමේ වගකීම ඇත්තේ ඔවුන් මතය.

ආදරයේදී බැඳීම් ශක්තිමත් නම් එය බිඳෙන්නේවත් බිඳෙන්නට හැකිවන්නේවත් නැත.

බැඳීම් ශක්තිමත් වෙන්න ආදරයට විශ්වාසය,ඉවසීම,දරාගැනීම යන සියල්ල තිබිය යුතුය.

ටෙලිනාට්‍ය චිත්‍රපටවල දකින ආදර කතා තුලින් සැබෑ ලෝකයේ බැඳීම් ශක්තිමත් කරගැනීම නම් ප්‍රායෝගික නැත.

ආදරයට අධ්‍යනයක් තිබිය යුතුයි.

කාලයක් ආශ්‍රය කර මේනකව හොඳින් අධ්‍යනය කල හංසිට නම් වරදින්නට හේතුවක් නැත.

මේනකටත් එහි වෙනසක් නැත.

මාස කීපයක්ම හංසි තමන් සමීපයෙන්ම සිටි නිසා මේ ආදරය ගැන තිබූ විශ්වාසය නම් ඉහටත් උඩින්ය.

ඔෆිස් එකේ ෆොටෝ ගහල එවර වෙලා සිය අසුනට වී මදක් අද ලැබුණු සුභම සුභ පණිවිඩය ගැන ආදරයෙන් මෙනෙහි කරමින් සිටි මේනකට හංසිගෙන් කෝල් එකක් ආවේය.

අයියේ මට ගෙදර යන්න වෙනවා,ඔයා එනකන් හවස ඉන්න බැරිවෙයි,සීයට ටිකක් අමාරු වෙලා,අම්මා කතා කරලා කිව්වා එන්න කියලා” හංසි ඇවිද යනගමන් ගත් ඇමතුමෙන් එසේ පැවසුවේ කලබලයෙනි.

ඒ මොකද..? සීයට එකපාරටම මොකද වුනේ..හරි ඔයා පරිස්සමට යන්න,ගිහින් මට කොල් එකක් දෙන්න මොකක්ද විස්තරේ කියලා..”

ඕකේ ෂුවර් අයි විල්..”

හැන්දෑ වරුවත් හංසි සමඟින් ගත කරන්නට මේනකගේ හිතේ දැඩි ආශාවක් තිබුණත් මේ අවස්ථාවේදී ඇයට ඉන්නට කියා කීමට නම් නොහැකිය.

ඇය කලබලෙන් ඉන්නා අවස්ථාවක එසේ පැවසීම සාධාරණ නොවන බව ඔහු වටහාගෙන තිබුනේ ඔවුන්ගේ ලෙන්ගතු ඇසුරේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ඒ නිසාම රාත්‍රියේ ඇගෙන් ලැබෙන හෝරා කිහිපයක්ම කතාබහේ යෙදෙන ඇමතුමෙන් පමණක් සෑහිමකට පත්වන්නට එදින ඔහුට සිදුවිය.

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි විසි නම වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ තිස් වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: