hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 15, පෙ.ව. 12:01



අසංකි ද සිල්වා කියන්නේ නිරූපිකාවක්, රූ රැජනක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. රෂ්, යුගාත්‍රා වැනි සිනමා නිර්මාණය හරහා සිනමා ප්‍රේක්ෂකයාට සමීප වූ අසංකි ටෙලි නාට්‍ය රංගනයට ද දායක වුණා.

කලක් පුංචි තිරයෙන් නිහඬව සිටි ඇය යළිත් පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයින් අතරට එන්න සූදානමින් ඉන්නවා.

ඒ ITN නාළිකාවෙන් විකාශය වන රොන් නාට්‍යය තුළින්.

අසංකිට හැදුණු ගොසිප් එක ගැන පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් මෙසේ අදහස් පළ කළා.

මට සාමාන්‍යයෙන් ගොසිප් හැදිලා තියෙනවා හරිම අඩුයි. ඒ මම ඉන්න විදිය එක්ක වෙන්න ඇති. එක ගොසිප් එකක් හැදුණා මේ ඔක්කොටම හරි යන්න. ඒ තමයි යුගාත්‍රා ෆිල්ම් එකේ සින්දු රිලීස් එකට කරපු කැම්පේන් එකක් නිසා. අපි ඒ ප්‍රමෝෂන් එක කළේ වැලන්ටයින් දවසේ. ඒකත් එක්ක මෙන්න චන්නගේ අලුත් පෙම්වතිය කියලා යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍යවල වයිරල් වුණා. ඒකත් එක්ක ගොඩක් අය ඒක සීරියස් අරගෙන තිබ්බා. ඒ කාලේ ඒ ගැන අහන හැමෝටම කියන්න වුණා නැහැ මේක මගේ අලුත් ෆිල්ම් කැම්පේන් එකක් කියන එක.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: