2023 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 9:24
අවුරුදු 97ක් වන විතානගේ ලීලාවතී ඇසිලින් ධර්මරත්න මාතාව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය විසින් මෙවර පැවැත්වූ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමට සමත් වුණා.
මෙම විශ්ව විද්‍යාලයේ වයසින් වැඩිම ශිෂ්‍යාවද ඇයයි.
මෙම ශාස්ත්‍රපති උපාධිය විෂයන් හතකින් සමන්විතයි.
ඇය මෙහි නිබන්ධනය වූ විස්තාරිත රචනා පර්යේෂණ මාතෘකාව ලෙස ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් තුළින් පිළිබිඹු වන අතීත ජීවන රටාව පිළිබඳ විමර්ශන ලිපියක්ද සම්පාදනය කර තිබෙනවා.
අවුරුදු 94දී මෙම මාතාව විද්‍යෝදය විශ්ව විද්‍යාලය මඟින් පැවැත්වූ ත්‍රිපිටක ධර්මය සහ පාලි භාෂා පරික්ෂණ විභාගයද සමත්වී තිබෙනවා.
ඇය මෙම විභාගය සමත්ව තිබෙන්නේ ගැහැනු දරුවන් 6දෙනෙකු බලාගනිමින් ජීවිතයටද මුහුණ දෙමින් බව පැවසෙනවා.
ඇගේ වැඩිමහල් දියණිය බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය වන අතර දෙවැනි දියණිය මහාචාර්‍යවරියකි.තෙවැනි දියණිය නීතීඥවරියකි.සිව්වැන්නිය ගුරුවරියක වන අතර පස්වැනි දියණිය හෙදියකි.
1952දී ඇය නොතාරිස්වරියක ලෙස ජීවිතය අරඹා ඇති අතර එම විභාගයෙන් ලංකාවේ පළමුවැනියා ලෙස සමත්වූ එකම කාන්තාවද මෙම මාතාව වනවා.
2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 11:41
2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 10:53
2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:06
2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:04
2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:01
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
03-12-23
03-12-23
03-12-23
03-12-23
03-12-23
03-12-23