hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 08, පෙ.ව. 12:00



තරුණ පරම්පරාව අතර වැඩිපුර ආකර්ක්‍ෂණය දිනාගෙන සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියලා කියන්නෙ.

සදනිට ආදරේ කරන ප්‍රේක්ෂකයන් ගොඩක් ඉන්නවා. ඇය නම් ලංකාවේ ලස්සනම නිළිය කියන්න පුළුවන්.

සදනි තරුණ පිරිමි ළමයින්ගේ සිහින කුමරිය වුණත් ඒ අදහස නම් ඔවුන්ට අත් හැරගන්න වෙලා.

ඒ පියත් රාජපක්ෂ නිසා.

පියත් රාජපක්ෂ විසින් සිය නවතම ගීතය මේ වන විට එළි දක්වා තිබෙනවා.

ඒ ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ.

මේ වෙන කොට ෆේස්බුක්, ටික්ටොක් වල ඔය සිංදුවමයි ඇහෙන්නේ.

ඉතින් ඊටත් වඩා ඔය ගැන දැන් කතාබහක් ඇති වෙලා තියෙන පසුබිමක චින්තන ධර්මදාස සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,

මේ ළගදි උග්‍ර ජනප්‍රියතාවයකට ලක්වී ති‍බෙන බඳිමු සුදා සිංදුව බැලුවා. මට නං කටේ තියන්න බෑ. ඒත් ජනප්‍රිය කියන්නෙ මං ‍ කොහෙත්ම සරල කොට තකන යමක් නෙමෙයි. ඊට හේතු කාරණා, උන් හිටි තැන් ගැන පොඩි අවදානයක් යොමු කරනවා. මං කැමති නැති වුනත් රටක් කැමතියි නෙ කියල ප්‍රජාතන්ත්‍රවාදී ආචාරයක් කරනවා.

මේ වගේ ලේලි නැන්දම්මා සිංදු අයිති වෙන්නෙ ලංකාවෙ 60 දසකෙට. ඊ‍ට පස්සෙ ආපු නව රැල්ල මේ වගේ ගම්බද මාතෘකා බදාගත්තෙ නෑ. නාමල් උඩුගම, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, වගේ ජනප්‍රිය රැල්ලෙ උඩම හිටපු අයවත් මේ ගමේ සිංදු කිව්වෙ නෑ. ඒවායෙ තිබුනෙ ඇස්පිරේෂන් එකක්. නාගරිකත්වයක්. විශේෂයෙන් රූකාන්ත විසින් ඇති කරපු ජනප්‍රිය සංගීතය අපිව බටහිර ලෝකයක් එක්ක යා කළා.

ඒත් මේ වෙද්දි තත්වෙ වෙනස්. ආපහු නැන්දම්මා ලේලි තමයි වැඩියෙන්ම උඩට ඇවිත් තියෙන්නෙ. ගම සහ ගමේ අශිෂ්ට සම්බන්දතා චාර්ට් ලිස්ට්වල උඩින්ම වැජබෙන්න ගන්නවා. මලයාලම් සිනමාව ලංකාවෙ සිනමාකරුවන්ගේ ෆැන්ටසිය වෙනවා.

මලයාලම් සිනමාව මේ තරම් අධිතක්ස‍ේරුවට ලක්වීම පිටිපස්සෙ තියෙන්නෙ සෞන්දර්ය කාරණයක් විතරක් නෙමෙයි. මේක සංස්කෘතික ප්‍රතිගාමීබවක් එක්ක සමපාත වෙනවා. අපි ගමට හැරෙනවා. ග්‍රාම්‍යත්වය වැළඳගන්නවා. ‍ දේශපාලනික විදිහට කිව්වොත් ඉන්දියානු ව්‍යාප්තවාදය කියලත් කියන්න පුළුවන්. මේ සංස්කෘතික නැමියාව කියන්නෙ අපි අනාගතයේ ඉන්දියාවෙ ප්‍රාන්තයක් වගේ වෙනවා කියන එක. රනිල් ගහන ගිවිසුම්වලින් නෙමෙයි, ඒක දැනටමත් වෙලා ඉවරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: