hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 දෙසැම්‍බර් 19, ප.ව. 12:26



කලාවට ඕපපාතිකයෙක් නොවන අභිෂේකා විමලවීරගේ ලයාන්විත කටහඩට බොහෝ දෙනෙක් ප්‍රිය කරනු ලබනවා.

ඇය නිර්මාණය කරනු ලැබු බොහෝමයක් ගීත ද ජනතාවගේ ආදරයෙන් වැළදගනු ලැබු අතර පුංචි කාලයේ ඉදලම කලා හැකියාවෙන් පරිපුර්ණ ඇය ගීත රැසක්ම ගායනා කර තිබෙනවා.

එපමණක් නොව ඇය සමාජ මාධ්‍ය තුල නිතරම ක්‍රියාශීලි කලාකාරිනියක් ලෙස ද හදුන්වා දිය හැකි.

අභිෂේකා විමලවීර කියන්නෙ වත්මන් පරපුරේ ඉතාමත් ජනප්‍රිය ගායිකාවක්.

ඇයගේ ගීතවලට ආදරේ කරන පිරිස ඉතාමත් වැඩියි.

අභී කියන්නෙ ගායනයට විතරක් දක්ෂ කෙනෙක් නෙවෙයි.

ඇයට හරිම අපූරුවට වචන ගැළපීමේ හැකියාව තියෙනවා.

ඒ කියන්නෙ අභී ඉතාමත් දක්ෂ කවිකාරියක්.

පසුගිය දවසක පැවැත්වුණූ එක්තරා සම්මාන උළෙලක දී ජනප්‍රිය ගායිකා අභිෂේකාගේ භූමියට තවම පණ තියෙනවා කියන ගීතය සම්මානනීය ගීතයක් බවට පත් වෙනවා.

එම සම්මාන උළෙලේදී අභිෂේකා විමලවීරගේ හැසිරීම විවේචනය කරමින් කසුන් මහේන්ද්‍ර ලියමනක් සිය මුහුණුපොතට එකතු කර තිබුණා.

කොහොම වුණත්, අභිෂේකා විමලවීර සිය අතපසුවීම ගැන සඳහන් කරමින් සමාව අයැදීමක් සිදුකර තිබුණා.

ඒ සඳහා මාධවී ද සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ අභිශේකාව දරුණු ලෙස විවේචනය කරමිනුයි.

ඒ සම්බන්ධයෙන් භූමි හරේන්ද්‍රන් සිය මුහුණුපොතට මෙසේ සටහනක් එකතු කර තිබුණා.

පහුගිය බ්‍රහස්පතින්දා දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙල පැවැත්තුනා.. එහිදී ජූරියේ විශේෂ සම්මානයක් අභීගේ “තවම පණ තියෙනවා” ගීතයට ලැබුණා… ඒ සම්මානේ ගැන නිවේදනය කරපු වෙලාවේ අශානුයි මමයි හිටියේ ඕඩියන්ස් එකේ තවත් පැත්තක… අපි යන්න ඕනේ නෑ අභී ගියහම ඇති කියන තැන අපි දෙන්නම හිටියේ.. මොකද ඒ වෙනකොටත් අපි දෙන්නව වෙනම කැටගරි දෙකකින් යෝජනා වෙලා තිබුණු බව අපට දෙරණින් කියලා තිබුණා.

අනෙක් විශේෂ ජූරි සම්මාන දෙකේම කිසිමකෙනෙක් වේදිකාවට පැමිණියේ නැති වුණත් අපි ආවෙ කණ්ඩායම් හැගීමෙන්.ඇයට ආදරය දෙන්න.ඇය අපි හැමෝම එනතුරු නැවතිලා බලාසිටියා.නිවේදක නාරද සියලුම දෙනාගෙ නම් කීවාට පසු ඈට කතා කරන්න දෙවතාවක් ඇරයුම් කළාටත් පසුව ඇය කතා කලා.

එතනදි ඇය දෙතුන්වතාවක් අපේදිහාවටත් හැරුණා.. සහ සම්මානය අපේ දිහාවට දික් කළා… ඒ වෙලාවේ මං ඒක නැවත ඇගේ දිහාවට අතින් තල්ලුත් කළා..

කතාව කියන්න ඈ ටික වෙලාවක් ගත්තා.මොකද ඒ ගීතයෙන් රටට කියන්න නම් වලට එහා ගිය පණිවුඩයක් තිබුන.

මාත් ඒ වගේම අවස්ථාවකට 2017 වසරේදී මගේ පළමුවෙනි සම්මානය ලබා ගනිද්දී මුහුණ දුන්නා… මාත් එක්ක රඟපාපු දසුන් ජෙහාන් වගේ දැවැන්තයන්ගෙ මට රඟපාන්න ලොකූ රුකුලක් ලැබුණා… ඒ වගේම මට අවස්ථාව දුන්න අධ්‍යක්ෂවරයා ඒ කිසි කෙනෙක් එහෙම නාමික වශයෙන් මතක් කරන්න මට මතක් වුණේ නෑ..හැබැයි එහෙම වුනා කියලා ඔවුන් තිදෙනාගෙන් එක්කෙනෙක්වත් සමාජ මාධ්‍ය ජාල තියා පුද්ගලිකව හම්බ වෙලාවත් දොස් කිව්වේ නෑ..ඉතින් නමක් සඳහන් කරන්න අමතක වීම මහා පරිමාණ අපරාදයක් වගේ හුවාදක්වන එක පොඩ්ඩක් හරි මදි වගේ දැනෙනවා… එක එක මිනිස්සු තමන්ගේ ඉමෝෂන්ස් මැනේජ් කරන විදි වෙනස්… ලෙවල් වෙනස්.. හැබැයි එහෙමයි කියලා පොඩි ඉමෝෂනල් සිටුවේෂන් එකක් ලොකූවට විවේචනය කරන එක මගේ පුරුද්දක් නම් නෙවේ… මොකද මන් දන්න ඒක රාජකාරිමය සබඳතාවයක්… Professional Quality එකක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ..

එතන අශාන් හිටියා.. ඔහුත් දායක වුණා මේ නිර්මාණයට… ඔහුගේ නමවත් මගේ නමවත් විශේෂයෙන් මෙතනදි සඳහන් වුනේ නෑ… එහෙම අපිට එතනදි නම නොකියවීම අවුලක් වුනා නම් මම නම් ඒක එතනදි කියලා විසඳනවා මිසක් සිද්ධිය වෙලත් පැය ගානක් ගියාට පස්සේ ඒ ගැන සමාජ මාධ්‍යවල විවේචනය කරන්නේ නෑ…

අනික සම්මාන උළෙල තියල පැය ගාණක් යන්නටත් කලින් ඇගේ පේජ් එකේ නම් විසි තිස් ගාණක් එක්ක ඇය ඇගේ කණ්ඩායමට ස්තූතිය පල කරනවා.ගැටලු කෙලින් කතා කරගෙන විසඳගන්න එක මගේ කොලිටියක්… මට කාත් එක්කවත් පුද්ගලික ගැටලුවක් නෑ… ඒත් මගේ බුද්ධියට යම් දෙයක් අවුල් වගේ දැනුනොත් ඒක ගැන මං කතා කරනවා.. එදා ස්ටේජ් එකට නැගපු සමහර කලාකරුවන් කිව්වේ “ස්තූතියි”කියලා විතරයි මගේ මතකේ හරි නම්…

ඉතින් පොඩි පොඩි දේවල් ලොකූ දේවල් කර ගන්නේ නැතුව ඒ පුද්ගලයන් අතර කතා බහ කරගෙන විසඳගැනීමට අවකාශය තියෙද්දීත්, අපි සමාජ මාධ්‍යවල දෝශාරෝපණ කරගැනීම නුසුදුසු ගතියක්.. සිංදුවට ගත්ත නිසා කඩේ යනවා වගේ දෙයක් කාට හරි හිතෙන්න පුලුවන්… ඒත් එහෙම කිසිම දෙයක් නැති වගත් මම එහෙම කඩේ යන ටයිප් කෙනෙක් නොවන විත්තියත් දන්න අය දන්නවා.. පුද්ගලයන් අතර කතාබහ කරලා අදහස් හුවමාරුවෙන් විසඳගත යුතු දෙයක් සමාජ මාධ්‍යවල කතා කරන එක හොඳ දෙයක් නෙවෙයි කියලයි මං පුද්ගලිකව විශ්වාස කරන්නෙ…..

මගේ interview එකක් සහ දරුවෙක් වඩාගෙන ඉන්න මගේ පින්තූරයක් දැකල අභී මට කතා කරලා මේ ගීතය ගැන කිව්වා.

කසුන් මගේ මිතුරෙක් වෙන්නෙ අභීට කලින්.ඒ බව කසුන් දන්නවා.ඒත් මම මමමයි.

සම්මානය ලැබුණු දා ඈ කීවේ ගීතයේ පසුබිම් කතාව ලියන්න හේතුව.

එතනදි සම්මානය මගේ විතරයි වගේ හැගීමක් තිබුනනම් ඒ සම්මානය අපි දිහාවට යොමු කරන්නේ මොකටද?

කසුන්ට ඉදිරියේ නොමිනේශන්ස් කිහිපයක්ම තිබුනා.ඔහුට ඒ සම්මාන ලැබුනනම් ඔහුට සුබ පතන්නටත් අපි වේදිකාවට යනවා.ඉදිරි සම්මාන උළෙලවල කසුන්ට සම්මාන වරම් ලැබේවා.

ඒ කොහොමවුණත් ජීවිතේ පළවෙනි පාරට transgender කියන ලේබල් එක වෙනුවට ගැහැනියක් වෙන්න පුලුවන් වුනේ හොදම නලුවා වෙනුවට හොදම නිළිය නොමිනේශන් එක නිසා.ඒක මට සම්මානයකට වඩා වටිනවා.

ගෑනියෙක්ට ගෑනියෙක්ම වල කපන රටක ට්‍රාන්ස් ගෑනියෙක් විදියට මට මේ සටහන ලියන්න හිතුනා..

මිනිස්සුන්ට ලැබෙන්න ඕනෙ එකම එක සම්මානයයි .ඒ ජනතා සම්මානය විතරමයි..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: