hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 2:46



එංගලන්තයේ තුන්වන චාල්ස් රජු ලෝකවාසී ජනතාව වෙනුවෙන් නත්තල් දින පණිවිඩයක් නිකුත් කළ බව මුලු ලොවක් දන්නා කරුණක්.

නමුත් එම නත්තල් වැඩසටහනේ ලාංකික නියෝජනයකුත් තිබුණු බව ඔබ දන්නවාද?

එහිදී පැවති නත්තල් කැරොල් ගීත ගායනා කිරීමට ශ්‍රී ලාංකික දියණියකට අවස්ථාව හිමි වුණා.

ඇය නමින් බීනු තෙන්නකෝන්.

15 හැවිරිදි වියේ පසුවන ඇය ලන්ඩන්හි සංගීත පාසලක සිසුවියක්.

පාසල් කාලයේ ඇය සංගීතයට දැක්වූ දක්ෂතා හේතුවෙන් ඇයට මෙම මහගු අවස්ථාව හිමි වී තිබීම විශේෂත්වයක්.

ඇයගේ දෙමව්පියන් 2006 වසරේ සිට එංගලන්තයේ රැදී සිටින අතර බීනුගේ මව එරට ප්‍රාථමික පාසලක ගුරුවරියක්.

ඇයගේ පියා මෙරට බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හිටපු යුධ හමුදා මේජර්වරයෙක්.

ඔහු දැනට එංගලන්තයේ පුද්ගලික ආයතනයක සහකාර කළමනාකරුවකු ලෙස කටයුතු කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: