hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2022 ජූලි 11, ප.ව. 1:43



ත්‍රිකුණාමලය ලංකා අයි.ඕ.සී. ඉන්ධන පර්යන්තයේ සිට හපුතලේ තෙල් ගබඩාවට පැමිණි ඩීසල් ලීටර් 33,000ක් රැගත් බවුසරයක් අද (11) උදෑසන හපුතලේ පංකැටිය, ප්‍රදේශයේදී මාර්ගයේදී පෙරළී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඉන් වෑහෙන තෙල් ප්‍රදේශවාසීන් පොර බදිමින් ලබාගත් බවයි.

වංගු සහිත මාර්ගයේ බවුසරය පෙරළී ගොස් අනතුරට ලක්ව ඇති අතර, බවුසරයෙන් කාන්දු වූ ඩීසල් මේ වනවිට මාර්ගය පුරා ගලායමින් පවතින බවයි වාර්තාවන්නේ.

බවුසරයේ රියදුරු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.