hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 11, පෙ.ව. 12:00



ක්‍රියාවිරහිත පරිගණකය යථා තත්ත්වයට පත් කිරීමට පරිගණක අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයකට ගිය විට කොරෝනා පාසල් නිවාඩු කාලයේ සිය පුත්‍රයා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගෙන ගත් දේවල තරම දැන ගැනීමට ලැබුණු පියකු පිළිබඳ අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ.

කොරෝනා පාසල් නිවාඩුවේ පාසල් ඉගැන්වීම් කටයුතු කළේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පරිගණකයෙනි. මේ පුත්‍රයා ද මවුපියන්ට වද කර පරිගණකයක් මිලදී ගත්තේ ඒ සඳහා යයි කියමිනි. තමන් බොහෝම අමාරුවෙන් මිලදී ගෙන දුන් පරිගණකය පුතා උනන්දුවෙන් ක්‍රියාකරවනු දුටු මවුපියෝ සතුටට පත්වූහ. ඒ කොරෝනා නිසා පාසල් වැඩ අතපසු නොකර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පාසල් වැඩ කරනු ඇතැයි විශ්වාසයෙනි.

මේ අතරවාරයේ පුතාගේ පරිගණකය ක්‍රියාවිරහිත විය. පියා එය යළි සක්‍රීය කිරීමට නගරයේ පරිගණක අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයකට ගෙන ගියේය. එහි සේවකයකු මේ පරිගණකය පරීක්ෂා කර බලා කීවේ මේ පරිගණකයේ දත්ත ගබඩා ඒකකය පිරී ඇති නිසා එය ක්‍රියාවිරහිතව ඇති බවය.

එය යළි සක්‍රීය කිරීමට නම් දත්ත ගබඩාව හිස් කළ යුතුබවත් අවශ්‍යම දේවල් සී.ඩී. පටියකට අරන්දිය හැකි බවත් එම සේවකයා කීවේය.

පියාද ඔහුගේ වචනයට අනුගත වුයේ ඊට වෙනත් විකල්පයක් නැති නිසාය. සිය පුත්‍රයාගේ පරිගණකයේ දත්ත ගබඩාවේ තැන්පත් කළ දත්ත එකින් එක පරිගණක අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයේ සේවකයා පෙන්වමින් සිටියේය. පියාට දෙවියන් බුදුන් සිහිවුයේ එවිටය. කොරෝනා නිසා සිය පෙම්වතිය හමුවීමට ඉඩක් නොවූ සිය පුතා සහ ඔහුගේ පෙම්වතිය අතර හුවමාරු කරගත් පෙම් හසුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් හා නිල් චිත්‍රපට පරිගණක දත්ත ගබඩාවේ තිබූ බව දැනගත් විටය.

මෙය තවත් නොඉවසූ පියා සේවකයාට කීවේ මේ දත්ත සී.ඩී. පටයට නොදා මුළු දත්ත ගබඩාවම හිස් කරන ලෙසය. ඒ සමගම පරිගණකය යළි ක්‍රියාකාරී වූ අතර ඔහු නිවෙසට එනු දුටු ඔහුගේ බිරිය ඇසුවේ කොහොමද ලැප් එක හැදුවද යන්නය. ලැප් එක නම් හැදුව ඒත් මගේ හිතනම් කැඩුණා. යයි ඔහු කීවේය.

සිය පුතා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පාඩම් වැඩ කරනවා යයි කියමින් කර ඇති දේ ගැන සිය බිරියට කී විට ඇයගේ අතින් ඇගේ කණ කර අත ගෑවුණේ අනේ දෙවියනේ කියමිනි. මුදල් නොවූ ඒ අවස්ථාවේදී සිය පුත්‍රයාට පාසල් වැඩ කිරීමට අවැසි පරිගණකය මිලදී ගෙන තිබුණේ ඇයගේ කනකර උකස් කර නිසාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: