hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:00



කියන්න යන්නේ ඔබ කවදාවත් නොසිතන , ඒ වුණත් සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන, මේ වෙද්දී බොහෝ දෙනෙක් විමසන දෙයක් ගැන කතාවක්.

ඉස්සර නම් කිව්වේ දුවෙක් තමයි පරිස්සම් කරගන්න ඕන කියලා. ඒත් දැන් ඒ කතාව වෙනස් වෙනවා. මේ අහන්නකෝ ඒ කතාව.

ගැහැනු දරුවන් මෙන්ම පිරිමි දරුවන් ද ලිංගික අපයෝජනවලට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව තම අධිකාරියට ලැබෙන පැමිණිලි අනුව අනාවරණය වී ඇතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පවසනවා.

එසේම, බාලවයස් ගැහැනු දරුවන් මව්වරුන් බවට පත්වීම බරපතළ සමාජ සහ නීතිමය ගැටලුවක් බවට පත්වී ඇතැයි ඔහු පැවසුවා.

පසුගිය නොවැම්බර් මාසයේ පොලිස් වාර්තා අනුව බාලවයස් ගැහැනු දරුවන් 10 දෙනකු ගැබ් ගැනීමට ලක්වී තිබෙන අතර, වසරේ ගෙවී ගිය කාලය තුළ ළමා මව්වරුන් 2000ක් වාර්තා වන බවද සභාපතිවරයා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: