hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 22, පෙ.ව. 12:02



පුංචි දරුවෙකුට මේ වගේ දුකක් විඳින්න පුළුවන්ද.

මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක්ගේ නෙතට කඳුළක් උනන තවත් කතාවක් ගැන.

අමානුෂීය ලෙස දරුවෙකුට වද හිංසා කරන කුකුල් චමින්ද ගැන සමාජමාධ්‍යයේ ගොඩක් කතා බහ ඇති වුණා.

හය හතර නොතේරෙන තවත් පුංචි දරුවෙකුට ඒ වගේ පහර දෙන පියෙක් ගැනීයේ තොරතුරු වාර්තා වුණේ ඌව පරණගමින්.

ඌව පරනගම පොලිසියේ විශේෂ කාරියන්සයට ලද තොරතුරුකොට අනුව,අවුරුදු හතරක පෙර පාසල් දරුවෙකු කෲරත්වයට භාජනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඌව පරණගම ගම්පහවත්ත උඩ කොටස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතරක පෙර පාසල් දරුවෙකුට තම පියා විසින් කෘරත්වයට භාජනය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු විසි හයක පුද්ගලයෙකු ,ඌව පරණගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයාගේ විවාහක බිරිඳ මීට මසකට පෙර විදේශගතව ඇති අතර, ඇයට මෙලෙස පහර දෙන දර්ශන වීඩියෝ කර , අදාළ සැකකරු විසින් සිය බිරිඳට යවා ඇති අතර ,අදාල කාන්තාව විසින් ඥාතීන්ට අදාළ දර්ශන ඒවා තිබෙනවා.

ඒ අනුව ඌව පරණගම පොලිසියේ විශේෂ කාර්යාංශයෙන් ලද තොරතුරු අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන හෙට දින වැලීමට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාල දරුවා පොලිස් භාරයට ගෙන වැලිමඩ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: