hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 14, පෙ.ව. 5:50



තම එකොළොස් හැවිරිදි බාල සහෝදරයාට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන අයියා පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර නගරාසන්නයේ ගමක පදිංචි, 22 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කළා.

වැඩිමහල් සහෝදරයා තමන්ට ලිංගික අපයෝජනයන් කරන බවත් ඊට අකමැති වන විට පහර දෙන බවත් පවසමින්, 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකු ඥාති කාන්තාවකට සිදු කළ දැනුම් දීමකට අනුව එම කාන්තාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු, විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සිද්ධියට මුහුණ පෑ දරුවාගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත්, මව ආපන ශාලාවක රැකියාව සඳහා උදෑසන 7ට නිවසින් පිටව ගොස් රාත්‍රී 11 යළි නිවෙසට පැමිණෙන බවත්, දහවල් කාලයේ දී සිය වැඩිමහල් සහෝදරයා සමග නිවසේ තනිව සිටින විටදී අවස්ථා ගණනාවකදී සහෝදරයා විසින් එම දරුවාට ලිංගික අපයෝජනය සිදු කර ඇති බව අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

දෙදෙනාගේම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වින්දිත දරුවා සහ සැකකරු මනෝවෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට කටයුතු කළ බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: