hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 26, ප.ව. 7:43



වයස අවුරුදු 13 සහ 12ක පාසැල් සිසුන් දෙදෙනෙකුගේ සැකය නිසා තුර්කි තරුණියකගේ මුදල් බෑගය කොල්ලකා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු 26 දින විනාඩි 45ක් ඇතුළත අත්අඩංගුවට ගැනීම්ට හැකි වූ බව සීගිරිය පොලිසිය කියයි.

තුර්කියේ සිට මෙරටට පැමිණි 22 හැවිරිදි තරුණියක් සිගිරිය ප්‍රදේශයේ ලැගුම්හල නැවතී 26 දින උදෑසන සීගිරි පව්ව නැඟ නැවත ලැගුම්හලට ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඇය සතුව තිබූ මුදල් පසුම්බිය  පැහැරගෙන තරුණියට ද පහර දී පලාගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

කොල්ලකරුවන්ගේ පහර කෑමට සහ ඔවුන් සමඟ පොර බැඳීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් මෙරටට පැමිණි සංචාරක තරුණිය ප්‍රතිකාර සඳහා මේ වන විට සීගිරිය රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

මෙම ඩෝගා ස්කා නම් වූ මෙම විදේශ තරුණිය සිද්ධිය පිලිබදව ඇයගේ පෞද්ගලික ආරක්ෂාව මත ජනමාධ්‍යයට මුහුණ දීමට නොහැකි බව පොලිසිය හරහා මාධ්‍යවේදීන්ට දැන්වුවා.

මුදල් පසුම්බිය සහිත බෑගය උදුරා ගැනීමට තැත් කිරීමේදී ඔවුන් සමග මෙම යුවතිය පොරබදා එම ස්ථානයේ ඇද වැටී ඇතැයි පසුව ඇයගේ විලාපය මත ලැගුම්හලේ භාරකාර  කාන්තාව පැමිණ අවට අයට මේ බව දැනුම් දුන් බව ඇය සඳහන් කළා.

තරුණියගේ මුදල් පසුම්බිය රැගෙන අධික වේගයෙන් එම මාර්ගයේ පලා ගිය යතුරුපැදිකරුවන් මද දුරක් යද්දී වයස අවුරුදු 12 ක් වූ සීගිරිය කලාපුරයේ පදිංචි අදිශ සහෙන් ප්‍රේමරත්න ප්‍රභාත් විතර්ශන වර්ණකුලසූරිය වයස අවුරුදු 13 ක සිසුවා සෙල්ලම් කරමින් සිට තිබෙනවා.

අධික වේගයෙන් කලබලයකින් යුතුව ධාවනය වන මෙම යතුරුපැදිකරුවන් පිළිබඳව මෙම සිසුන් දෙදෙනාට සැකයක්  සිතුනු බව ඔවුන් කියයි. 

අදිශ ප්‍රේමරත්න සිසුවා තම මිතුරාට ප්‍රකාශ කොට ඇත්තේ පොලිසියෙන් පන්නන නිසා මෙම යතුරු යතුරුපැදිය මෙතරම් වේගයෙන් ධාවනය වනවා දැයි තමන්ට සැක්යක් මතුවන බවය.

වහාම ඒ පිළිබඳව සැක සිතූ මිතුරා වූ ප්‍රභාත් විදර්ශන තම ඇස් යොමු කළේ යතුරුපැදියේ ලියාපදිංචි අංකය වෙතය. පොලිසිය ලුහු බදින්නේනම් පොලිසියට එම අංකය ලබා දීමට හැකි නිසා තමන් අංකය මතක තබා ගත් බව කියයි.

පසුව මෙම දරුවන් දෙදෙනා වහාම මේ බව නිවැසියන්ට දැනුම් දෙන්නට දිව එද්දී එම ස්ථානයේ විදෙස් කාන්තාවගේ මුදල් පසුම්බිය රැගෙන ගොස් ඇති බව දැනගෙන වහාම හෝටල් හිමි කාන්තාවට ඒ බව දැනුම් දී තිබෙනවා.

පසුව ඇය සීගිරිය පොලීසියට මේ බව දැනුම් දීමෙන් සීගිරිය පොලිසියේ නිලධාරින් යුහුසුළුව එම ස්ථානයට පැමිණ කුඩා යහළුවන් දෙදෙනාගෙන් ලබාගත් තොරතුරු සමග විනාඩි 45ක් ඇතුළත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

දරුවන් දෙදෙනාගේ සැකය හා විමර්ශනශීලිබාවය නිසාත් ඔවුන් නිසි අවබෝධයෙන් කටයුතු කළ නිසාත් විදෙස් කාන්තාවගේ අතුරුදන් වීමට ගිය ඩොලර් 225ක් මුදල සහ ලංකා මුදල් රුපියල් විසි දහසක් සොයා ගැනීමට හැකි වූ බව සීගිරිය පොලීිසිය කියයි.

අත්අඩංගුවට පත් සැකකරුවන්වන් වෑවලවැව සහ සීගිරි  මුල්ල ප්‍රදේශ්යේ පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කළා.  

ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් යතුරුපැදිය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: