hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:00



සිය පෙම්වතිය දුරකතනයට ප්‍රතිචාර නොදැක්වූවේ යැයි සිත්තැවුලට පත්ව සිටි තරුණයකුගේ මළසිරුර ඔහු සේවය කරන වැඩබිමෙහි විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ උඩුපුස්සැල්ලාව ඉහළ කොටස ගම්පහ වත්ත 15 ලැයිමේ පදිංචි මහේෂ්වරන් සරත් කුමාර් නමැති 27 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා මීට මාස 10 කට පමණ පෙර හෝමාගම ගලවිලවත්ත සමනල පෙදෙස ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසක පෙදරේරුවකු ලෙස සේවයට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය වූ ඉකුත් 10 වැනිදා රාත්‍රි 8 පමණසේවය නිමවා ඔහුගේ පෙම්වතියට දුරකතන ඇමතුම් කිහිපයක් ගෙන ඇතත් ඊට ප්‍රතිචාර මෙම නොදැක්වීමෙන් සිත්තැවුලට පත් පුද්ගලයා ද්‍රවිඩ භාෂාවෙන් ඇයගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් හා ගෙල වැලලා ගැනීමට සූදානම් වන අයුරින් ලබාගත් ඡායාරූප පෙළක් යවා ඉදිකරමින් පවතින දෙමහල් ගොඩනැගිල්ලේ පහළ මාලයේ කාමරයක විදුලි පංකාවක ආධාරයෙන් මෙසේ ගෙල වැලලාගෙන දිවි හානි කරගෙන ඇති බව පොලිසිය කියයි.

මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව පොලිසිය සිද්ධිය වූ ස්ථානයට වූ ගොස් පරීක්ෂණ ආරම්භ කර හෝමාගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු මානෙල් ගමගේ මහත්මිය කැඳවා ස්ථානීය පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළාය.ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ධම්මි ලුවිස් හේවා මහත්මිය විසින් සිදුකරන ලද අතර ලබා දුන් පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට හා ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුව ගෙල වැලලා ගැනීමෙන් සිදු වූ මරණයක් බවට හෝමාගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු මානෙල් ගමගේ මහත්මිය නිගමන‍ය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: