hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 09, ප.ව. 2:04



කැනඩාවේ ඔටාවා හිදී ඝාතනයට ලක්වූ සිව්දරු මව මෙරට පොල්ගහවෙල පදිංචිකාරියකි. 

35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක දියනිය සහ මුනුපුරු මිනිපිරියන් සිව්දෙනා ගැන දරුශනීගේ මව චාන්දනී ඒකනායක මහත්මිය හැඬු කඳුළින් මෙලෙස පැවසුවා.

“මට දැනුණා මොනවා හරි වෙයි කියලා. මට නිකන් මිනී පෙට්ටි වගයක් පෙණුනා. ලොකු කරදරයක් ද දන්නේ නෑ කියලා මම හිතුවා. යන තැනකට දෙයක් කරගන්නවා අම්මා කියනවා.හැමවෙලාවේම හිතන්නේ බුදුදහම ගැන. අනේ කොච්චරවත් පන්සල් ගානේ ගිය දරුවානේ.මගේ මුනුපුරා දවස් දෙකකට කලින් කතා කරලා ළඟදීම ඔයා අපි ළඟට එනවා නේද? කියලා ඇහුවා. එයා ඒක ඇහුවේ හරිම හුරතල් විදියට. ඒ වචන ටික මතක් වෙද්දී මගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් ඇති වෙනවා බැනා මටයි මහත්තයටයි හරිම ආදෙරෙයි.

අපේ දුව දවසට දෙපාරක් මට කතා කරනවා. මේ සිද්ධිය වූ දවසෙන් උදේ දුව මට කතා කළා. මමත් දුව ඉන්න තැනට යන්න සියලු කටයුතු සුදානම් කරගෙන සිටියේ. මම ඒ ගොල්ල ගාවට ගියාට පස්සේ දුව රැකියාවකට යන්න සුදානමින් හිටියා. මගේ දරුවාට ආර්ථික විද්‍යා විශේෂ උපාධියක් තියෙනවා. එයා පොල්ගහවෙල ප්‍රාථමික විද්‍යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස කටයුතු කළා. හරිම දක්ෂයි. හරිම උත්සාහ වන්තයි. මේ අපරාධය කළ කොල්ලාගේ උපන් දිනයක් එදාමයි තිබිල තියෙන්නේ, ඒ කොල්ලාට උපන්දින කේක් එක හදලා දිලා තියෙන්නෙත් මගේ දුවමයි.

උපන් දින සාදයකුත් පවත්වලයි මේ අපරාධය කරල තියෙන්නේ. මේ අපරාධය කළේ ඇයිදැයි මට තවමත් හිතා ගන්න බෑ. එයා පෙරේදා ටිකක් කලකිරීමෙන් වගේ කතා කරේ. එච්චර කතා කරෙත් නැහැ. ඇතුලෙ මොනවහරි තියෙන්න ඇති ඉතින් මෙයා මහත්තයටත් කියන්න නැතුව ඇත. මහත්තයට කේන්තිත් යනවනෙ. මූට ගහනවලු කේන්ති ගිහින් හැදියන් කියලා. සැරත් කරනවලු. මට හිතෙන්නෙ අර ගාමිණීවත් මරල තියනවනේ. ඒ දෙන්නා අතරෙ ප්‍රශ්නයක් වුණාද දන්නෙ නැහැ. මට එච්චරයි හිටියේ. මගෙ දරුවා බුදු බණත් එක්ක හිටිය දරුවට වෙච්ච එක. පිහියක් උස්සන්න පුලුවන්ද මේ දරුවන්ට.මගේ හුරතල් මුනුපුරා මට කතා කරලා අනේ අත්තම්මා ඉක්මනට අපි ළඟට එන්නකෝ කියලා කියූ වචන අහද්දී මට වාවන්නේ නෑ. මේ අපරාධය මතක් වෙද්දී මගේ පපුව පැලෙන්න එනවා.“





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: